1. 16. 4. 15.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් අර්ථරසය (හෙවත් සෝවාන්ඵලය ආදී චතුර්විධ ශ්රාමණ්යඵලය) ද, ධර්ම රසය (හෙවත් සතරමග) ද, විමුක්ති රසය (හෙවත් නිර්වාණය) ද ලබන්නහු වෙත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් අර්ථරසයද, ධර්ම රසයද, විමුක්ති රසයද නොලබන්නාහු වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්. මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්ථරසය (චතුර්විධ ශ්රාමණ්යඵලය) ද, ධර්මරසය (චතුර්විධ මාර්ගය) ද, විමුක්ති රසය (නිර්වාණය) ද, ලබන්නෝ වන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.”
1. 16. 4. 16-18.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මනුෂ්ය යොනියෙන් චුත වූවාහු මනුෂ්යයන් අතුරෙහි නැවත උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් මනුෂ්යයෝනියෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, -පෙ- තිරච්ඡානයොනියා පච්චාජායන්ති, -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 19-21.
-පෙ- “යම් සත්ව කෙනෙක් මනුෂ්ය යෝනියෙන් චුතවූවාහු දෙවියන් විෂයෙහි උපදිද්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් මනුෂ්ය යෝනියෙන් චුතවූවාහු නිරයෙහි උපදිත්ද, -පෙ- තිරිසන්යෝනියෙහි උපදිත්ද, -පෙ- ප්රෙත නිකායෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්”
1. 16. 4. 22-24.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් දෙවියන්ගෙන් චුතවූවාහු දෙවියන් විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් දෙවියන්ගෙන් චුත වූවාහු නරකයෙහි උපදිත්ද මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්. -පෙ- තිරිසන් යෝනියෙහි උපදිත්ද, -පෙ- ප්රෙත විෂය (ලොක) යෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 25-27.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම්සත්වකෙනෙක් දෙවලෝකයෙන් චුතවූවාහු මනුෂ්ය විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් දෙව ලෝකයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ඉතා බොහෝවෙත්. -පෙ- තිරිසන් යෝනියෙහි උපදිත්ද, -පෙ- ප්රෙතවිෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 28-30.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු මනුෂ්ය ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද, ඒ සත්වයෝ බොහෝවෙත්. -පෙ- තිරිසන්යොනියෙහි උපදිත්ද -පෙ- ප්රෙත විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 31-33.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු දෙවලෝකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද ඒ සත්වයෝ ඉතා බොහෝවෙත්. -පෙ- තිරිසන් යොනියෙහි උපදිත්ද -පෙ- ප්රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 34-36.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් තිරිසන් යොනියෙන් චුතවූවාහු මනුෂ්යලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් තිරිසන් යොනියෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද ඒ සත්වයෝ බොහෝවෙත්. -පෙ- තිරිසන් යෝනියෙහි උපදිත්ද -පෙ- ප්රෙත විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 37-39.
-පෙ- “මහණෙනි, එසේම යම් සත්වකෙනෙක් තිරිසන් යෝනියෙන් චුතවූවාහු දෙවලෝකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එහෙත් තිරිසන් යෝනියෙන් සැව නිරයෙහි යම් සත්වකෙනෙක් උපදිත්ද -පෙ- තිරිසන් යෝනියෙහි උපදිත්ද -පෙ- ප්රෙත ලෝකයෙහි උපදිත්ද ඔවුහුම බොහෝ වෙත්.”
1. 16. 4. 40-42.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්රෙත විෂයෙන් චුතවූවාහු මනුෂ්ය ලෝකයෙහි උපදිත්ද’ ඒ සත්වයෝ ස්වල්පවූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් ප්රෙතවිෂයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, -පෙ- තිරිසන් යොනියෙහි උපදිත්ද, -පෙ- ප්රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 43-45.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්රෙතවිෂයෙන් චුතවූවාහු දෙවලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්වූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් ප්රෙතවිෂයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්, -පෙ- තිරිසන් යොනියෙහි උපදිත්ද -පෙ- ප්රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
[ජම්බුදීප පෙය්යාලො නිට්ඨිතො]
වග්ගො චතුත්ථො.