1. 16. 4. 16-18.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මනුෂ්‍ය යොනියෙන් චුත වූවාහු මනුෂ්‍යයන් අතුරෙහි නැවත උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් මනුෂ්‍යයෝනියෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, -පෙ- තිරච්ඡානයොනියා පච්චාජායන්ති, -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 19-21.
-පෙ- “යම් සත්ව කෙනෙක් මනුෂ්‍ය යෝනියෙන් චුතවූවාහු දෙවියන් විෂයෙහි උපදිද්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් මනුෂ්‍ය යෝනියෙන් චුතවූවාහු නිරයෙහි උපදිත්ද, -පෙ- තිරිසන්යෝනියෙහි උපදිත්ද, -පෙ- ප්‍රෙත නිකායෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්”
1. 16. 4. 22-24.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් දෙවියන්ගෙන් චුතවූවාහු දෙවියන් විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් දෙවියන්ගෙන් චුත වූවාහු නරකයෙහි උපදිත්ද මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්. -පෙ- තිරිසන් යෝනියෙහි උපදිත්ද, -පෙ- ප්‍රෙත විෂය (ලොක) යෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 25-27.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම්සත්වකෙනෙක් දෙවලෝකයෙන් චුතවූවාහු මනුෂ්‍ය විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් දෙව ලෝකයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ඉතා බොහෝවෙත්. -පෙ- තිරිසන් යෝනියෙහි උපදිත්ද, -පෙ- ප්‍රෙතවිෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 28-30.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු මනුෂ්‍ය ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද, ඒ සත්වයෝ බොහෝවෙත්. -පෙ- තිරිසන්යොනියෙහි උපදිත්ද -පෙ- ප්‍රෙත විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 31-33.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු දෙවලෝකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද ඒ සත්වයෝ ඉතා බොහෝවෙත්. -පෙ- තිරිසන් යොනියෙහි උපදිත්ද -පෙ- ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 34-36.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් තිරිසන් යොනියෙන් චුතවූවාහු මනුෂ්‍යලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් තිරිසන් යොනියෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද ඒ සත්වයෝ බොහෝවෙත්. -පෙ- තිරිසන් යෝනියෙහි උපදිත්ද -පෙ- ප්‍රෙත විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 37-39.
-පෙ- “මහණෙනි, එසේම යම් සත්වකෙනෙක් තිරිසන් යෝනියෙන් චුතවූවාහු දෙවලෝකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එහෙත් තිරිසන් යෝනියෙන් සැව නිරයෙහි යම් සත්වකෙනෙක් උපදිත්ද -පෙ- තිරිසන් යෝනියෙහි උපදිත්ද -පෙ- ප්‍රෙත ලෝකයෙහි උපදිත්ද ඔවුහුම බොහෝ වෙත්.”
1. 16. 4. 40-42.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්‍රෙත විෂයෙන් චුතවූවාහු මනුෂ්‍ය ලෝකයෙහි උපදිත්ද’ ඒ සත්වයෝ ස්වල්පවූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් ප්‍රෙතවිෂයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, -පෙ- තිරිසන් යොනියෙහි උපදිත්ද, -පෙ- ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 43-45.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්‍රෙතවිෂයෙන් චුතවූවාහු දෙවලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්වූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් ප්‍රෙතවිෂයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්, -පෙ- තිරිසන් යොනියෙහි උපදිත්ද -පෙ- ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
[ජම්බුදීප පෙය්යාලො නිට්ඨිතො]
වග්ගො චතුත්ථො.