යස්ස පාරං අපාරං වා පාරාපාරං න විජ්ජති
වීතද්දරං විසංයුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.
යම් ආර්‍ය්‍යශ්‍රාවකයක්හට එතෙර ද (හෙවත් ආධ්‍යාත්මික ෂඩායතනය ද) මෙ තෙර ද (හෙවත් බාහිර ෂඩායතනය ද) එ තෙර මෙ තෙර දෙක ම ද නැත්තේ නම් (මම යැ යි මගේ යැ යි ගැන්මෙක් නැත්තේ නම්) පහ වූ ක්ලේශපීඩා ඇති, සියලු කෙලෙසුන් ගෙන් වෙන් වූ ඒ රහත්හු බ්‍රාහ්මණ නැමැ යි මම් කියමි.
දවසක් මාර තෙමේ මිනිස් වෙසක් මවාගෙණ බුදුරජානන් වහන්සේ වෙත එළැඹැ “ස්වාමීනි! පාර, පාර යි කියනු ලැබේ, ස්වාමීනි! මේ පාර නම් කිමැ?”යි ඇසී ය. එවිට බුදුරජානන් වහන්සේ “මෙ තෙමේ මාරයා”යි දැන “පවිට! පාරය කිමැ,යි සෙවිමෙන් තට ඇති ප්‍රයෝජනය කිම? එය පහ කළ රාගය ඇත්තවුන් විසින් සෙවිය යුත්තෙක, පැමිණිය යුත්තෙකැ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
යස්ස පාරං අපාරං වා පාරාපාරං න විජ්ජති,
වීතද්දරං විසංයුත්තං තම්හං බ්‍රෑමි බ්‍රාහ්මණන්ති.
යමක්හට පාරයත් අපාරයත් පාරය හා අපාරයත් නැත්තේ ද පහ වූ කෙලෙස් දැවිලි ඇති සියලු කෙලෙසුන් කෙරෙන් මිදුනු ඔහු, මම බ්‍රාහ්මණැ යි කියමි.
යස්ස පාරං අපාරං වා පාරාපාරං න විජ්ජති = යමක්හට එතෙරත් මෙතෙරත් එතෙරමෙතෙරත් නැත්තේ ද.
මෙහි ‘යස්ස’ යනු, රහතුන් වහන්සේ සඳහා යෙදුනේ ය. ‘පාර’ නම්: ආද්ධ්‍යාත්මික ෂඩායතනැ යි කියූ චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය - මන යන ආයතනයෝ ය. ‘අපාර’ නම්: බාහිර ෂඩායතනැ යි කියූ රූප - සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බ - ධම්ම යන ආයතනයෝ ය. ‘පාරාපාර’ නම්: ආද්ධ්‍යාත්මික - බාහිර ද්වාදශායතනයෝ ය. සාමාන්‍යයන් විසින් එතෙර, පාර යි ද, මෙතෙර අපාර යි ද පිළිගන්නො ලද්දේ ය.
වීතද්දරං විසංයුත්තං තං අහං බ්‍රෑමි බ්‍රාහ්මණං = මම පහ වූ කෙලෙස්පෙළීම් ඇති සියලු කෙලෙසුන් කෙරෙනු මිදුනු ඔහු බ්‍රාහ්මණැ යි කියමි.
තවද යම් කෙනෙක්හට තමන් කෙරෙහි “මම මි”යි දෘෂ්ටිග්‍රාහයෙක් නැත්තේ ද ආත්මීයවස්තූන් කෙරෙහි “මේ මාගේ”යි තෘෂ්ණාග්‍රාහයක් නැත්තේ ද සියලු තෘෂ්ණා දෘෂ්ටි ආදීන්ගෙන් මිදී සිටි කෙලෙස් පීඩාවලින් මිදී සිටි ඔහු මම බ්‍රාහ්මණැ යි කියමි’යි වදාළ සේක.
‘වීතද්දර’ නම්: රහතුන් වහන්සේ ය. පහ වූ කෙලෙස්පෙළීම් ඇතියෝ උන්වහන්සේ ය. වීත + දර යන ශබ්ද දෙදෙනාගේ සමස්තය ‘වීතද්දර’ යනු ය. දර ශබ්දය, කායදාහ - චිත්තදාහ - ක්ලේශදාහ යන මෙ තැන්හි වැටේ. “ආදිත්තං වත මං සන්තං ඝතසිත්තං ච පාවකං වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං” යන මෙහි කායදාහ - චිත්තදාහ දෙක්හි ආයේ ය. “වීතද්දරො වීතසොකො වීතසල්ලො සයං අභිඤ්ඤාය අභාසි බුද්ධො” යන මෙහි ක්ලේශදාහයෙහි ආයේ ය. මෙහි ද හුනුයේ ක්ලේශදාහයෙහි ය. අර්‍හනමාගර්‍ඥානයෙන් සියලු කෙලෙස් මුළුමනින් ඉතිරි නො කොට සිඳ හැරියේ ‘වීතද්දර’ නම් වේ. “අග්ගමග්ගෙන සබ්බකිලෙසානං සමුච්ඡින්නත්තා වීතද්දරො, විගතකිලෙස දරථොති අත්‍ථො” යනු අටුවා.
රහතුන් වහන්සේ ‘විසංයුත්ත’ නම් ද වේ. මෙහි ඇති තාක් කෙලෙස්වලින් මිදී සිටියෝ උන්වහන්සේ ය. ලෝකය හා හැනී සිටි සියලු සංයෝජන, සියලු කෙලෙස් මුළුමනින් සිඳලූ බව කෙලෙසුන්ගෙන් මිදී සිටි බව යන මෙයින් යුක්ත වූයේ බ්‍රාහ්මණැ යි ද කියනු ලැබේ.
මේ අටුවා: “ලොකපටිබද්ධානං සබ්බෙසං සංයොජනානං සබ්බෙසං කිලෙසානං සම්මදෙව සමුච්ඡින්නත්තා විසංයුත්තො, තතො විප්පයුත්තොති අත්‍ථො” යනු.
‘විතද්දරං, විසංයුත්තං’ යන දෙපදය ‘තං’ යනු වෙසෙසා සිටියේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
මාරවස්තුව නිමි.