26-28 මහා මොග්ගල්ලාන තෙරුන් පිළිබඳ වූ කථා පුවත

යස්සාලයා න විජ්ජන්ති අඤ්ඤාය අකථංකථී

අමතොගධං අනුප්පත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.

යමකුට තෘෂ්ණාව නැත් ද, (බුද්ධාදි අෂ්ටවස්තූන් යථාභූත වශයෙන්) දැන (එය පිළිබඳ වැ) විචිකිච්ඡාව පහ ව ගියේ ද, නිර්‍වාණයට ඇතුළත් ව එ ම ක්‍ෂේමභූමියට පැමිණියා වූ වීතරාග පුද්ගලයා බ්‍රාහ්මණ යැ යී මම් කියමි.

"යස්සාලයා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී මහමුගලන් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

කථා පුවත පෙරයි. මෙහි දී බුදුහු මුගලන් තෙරුන්ට තෘෂ්ණා නොමැතිව බව පෙන්වා දී මේ ගාථාව දේශනා කළහ.

තණ්හාවෙන් තොරව

සැක රහිත නැණ ඇතිවම

නිවණට පැමිණි දන

බමුණු උතුමෝම වෙති නිබඳව

යම් කෙනෙකුට තෘෂ්ණාව නැත්ද අට තැන දැන සැක නැතිව නිවනට බැස එයට පිළිවෙළින් පැමිණ තැනැත්තාට මම බ්‍රාහ්මණ යයි කියමි.

"තත්ථ ආලයන්ති” - එහි ආලය තෘෂ්ණාවයි. අඤ්ඤාය අකථංකථි අෂ්ඨවිධ යථාස්වභාවයෙන් දැන සැකය අත් හරින ලද, අමතොගධ අනු පපත්තං නිවණට බැස පිළිවෙලින් පැමිණි තැනැත්තා බ්‍රාහ්මණයායි.

දේශනාව අවසානයේ බොහෝ දෙනෙකුට මාර්ග ඵල ලැබුණි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.