අභූතවාදී නිරයං උපෙති යො වාපි කත්‍වා න කරොමීති චාහ
උභො’පි තෙ පෙච්ච සමා භවන්ති නිහීනකම්මා මනුජා පරත්‍ථ.
(පරහට දොස් නැගීම් වසයෙන්) බොරු කියන පුද්ගල තෙම නිරයට යන්නේ ය. තව ද යමෙක් පව් කොට ‘නො කෙළෙමි’යි කියා නම්, හේ ද නිරයට යන්නේ ය. පහත් ක්‍රියා ඇති ඒ මිනිස්සු දෙ දෙන ම මෙයින් මියැ ගොස් පරලොවැ දී (නරකොත්පත්ති හේතුයෙන්) ගති වශයෙන් සම වන්නාහ.
"අභූත වාදිති" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම වැඩසිටියදී සුන්දරී පරිබ්බාජිකාව නිමිති කරගෙන දේශනා කළහ.
මහා ජනයා විසින් බුදුරජාණන් වහන්සේ සත්කාර කරන ලද්දේ ගරු බුහුමන් කරන ලද්දේ පුදන ලද්දේ වුහ. වැඩි විස්තර උදාන පාලියේ සඳහන් පරිදිය. මේ කෙටි විස්තරයයි. භාග්‍යවතුන් වහන්සේට මෙන්ම භික්ෂු සංඝයාටද පහ නදියේ සැඩ දිය පහරසේ ලාභ සත්කාර ලැබෙන විට එලෙස ලාභ සත්කාර නොලැබ අස්නියට පත්වු අන්‍යතීර්ථකයෝ සුවය උදාවේදී කලාමැදිරියන් සේ ප්‍රභාරහිතව ගියාහුය. අපි සිටින බවක් වත් කිසිවෙක් නොදනී. කෙසේ නම් කවුරුන් හෝ සමග එකතුවී භවත් ගෞතමයන්ට නින්දා අපහාස අත්කර ලාභ සත්කාර අතුරුදහන් කරන්නේදැයි කථාකරන්නට වුහ. මෙසේ කථාකරන අතර මෙබඳු අදහසක් ඇතිවිය. සුන්දරිය සමග එකතුවී හැකිවෙතැයි සිතූහ. මේ අතර එක් දිනක් සුන්දරී පරිබ්බාජිකාව තීර්ථකාරාමයට පැමිණ වැඳලා සිටියත් තීර්ථකයෝ ඇය සමග කථා නො කළහ. ඇය නැවත නැවත කථාකරන්න වුවද ප්‍රතිවචනයක් නොලැබ ආර්ය කවර හේතුවක් නිසා මෙසේ මුසුප්පු වන්නේද, වෙහෙසන්නේදැයි විමසුවාය. ඇයි නැගණිය ගෞතමයන් අපව පෙලා, අපට ලැබෙන ලාභ සත්කාර පිරිහෙලා ඇති බව ඔබ නොදන්නීද? ඉතින් ම විසින් මෙහිදී කුමක් කළ යුතුද නැගණිය ඔබ රූමත්ය. සෝභාවත්ය. භවත් ගෞතමයන්ට අපකීර්තිය ඇතිකොට මහජනයා ඔබගේ කථාවට නම්මවා ගෙන, ග්‍රහණය කරගෙන, ඔහුට ලාභසත්කාර නැතිවන තැනට කටයුතු කරන්නැයි පැවසුහ. ඇය යහපතැයි පිළිගෙන එතැන් පටන් සුන්දරිය මද විලවුන් කපුරු කකුල් ආදිය ගෙන්වාන්ගෙන, මහාජනයා ශාස්තෲන් වහන්සේගෙන් බණ අසා ගෙවල් වලට යන සවස් කාලයේ, ඔවුන්ට පෙනෙන සේ ජේතවනාරාම ය දෙසට යයි. කොහේ යත්දැයි විමසුවිට භවත් ගෞතමයන් වෙතයයි ද ඔහුසමග මම එකම ගඳකිළියේ වසමුයි ද කියා, අන් තීර්ථක ආරාමයක සිට උදැසනම දෙව්රම් මාවතට පිවිස නගරය දෙසට ගමන් කරයි. මිනිසුන් .......... සුන්දරිය කොහේ ගියේ දැයි විමසනවිට - මම භවත් ගෞතමයන් හා එක ගඳකිළියේ සිට ඔහු රමණයෙන් සතුටුකොට ආපසු එමියි පවසයි. අනතුරුව ඔවුන් දින කීපයකට පසුව ඝාතකයන්ට කහවණු දී"යම් සුන්දරිය මරා භවත් ගෞතමයන්ටත් ගන්ධ කුටිය අසල මල් දමන කසල ගොඩේ දමා එනු” යනුවෙන් කීවාහුය. ඔවුහු එසේ කළහ. අනතුරුව තීර්ථකයෝ සුන්දරි දක්නට නැතැයි උද්ඝෝෂණය කොට රජුට දන්වා, තෙපි කවුරුන් සැක කරන්නේත්දැයි විමසුවිට, පසුගිය දිනවල ඇය ජේතවනයේ විසුවාය දැන් ඇගේ තොරතුරක් නොදනිමුයි කීහු, එසේ නම් යවු, ඇය සොයන්නයි රජු විසින් අනුමත කළේය, තමගේ උපස්ථායකයින් රැගෙන දෙව්රමට ගොස් සොයන්නේ මල් ගොඩ උඩ ඇය දැක, ඇඳක තබාගෙන නගරයට ගෙනගොස්, භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ” බුදුන් කළ පාපකර්මය වසමුයි” සුන්දරිය මරා මල්ගොඩ අස්සේ තබනලදැයි රජුට දැනුම් දුන්නාහුය. රජතුමා එසේ වී නම් තෙපි නගරයේ මෙය කියා ඇවිදින්නැයි කීවේය. ඔහු ද නගර වීදිවල බලන්න ශාක්‍ය පුත්‍රයන්ගේ වැඩ බලන්නැයි නගරයේ කියා නැවත රජුගේ මාලිගාව දොරටුවට ගියහ. රජතුමා අමු සොහොනෙහි මැස්සක් තනවා සුන්දරීන්ගේ සිරුර ආරක්ෂා කරවීය. සැවැත් නුවර වාසීන් අතර ආර්යයන් හැර සෙසු අය බලන්න. ගෞතම පුත්‍රයගේ මහිමය මේ ආදිය කියා ඇතුළු නගරයේ මෙන්ම පිටත නගරයේ වසන, අනෙක් භික්ෂූන්ටද ආක්‍රොශ කරති. නගරයේ ගමේ සැරිසරන භික්‍ෂහු මේ පුවත බුදුන්ට දැනුම් දුන්න. එසේනම් තෙපි ඒ මනුෂ්‍යයන්ටම ප්‍රතිචෝදනා කරමු. යනුවෙන් පවසා මේ ගාථාව පැවසුහ.
කළ වරද නො පිළිගෙන
වරද කර බොරු කියන
නිහිනගති ඇති දෙදෙන
රැඳෙයි මහ නිරයේම මතුදින
බොරු කියන්නාද, යමක් සිදුකොට නොකෙළෙමියි කියන තැනැත්තා ද නිරයට යති. නිහින කම ඇති මේ දෙදෙනාම පරලොව දී සමාන වේ. එහි - අභූත වාදීති - අන් අයගේ දොස් නොදැක බොරු ගොතා සිත් ලෙස අන්අයට පීඩා කරන අය කත්චාති යමෙක් පව්කම් කර නැත. එසේ නොකෙලෙමියි කියන අය පෙච්චසමා භවනති මේ දෙපිරිසට පරලොව ගොස් සමාන වෙති. පැවතුම් ස්වභාවයෙන්ද ආයුෂයෙන්ද එක සමාන බවම නියම වේ. බොහෝ දෙන පව්කම් කොට බොහෝකලක් නිරයේ පැසෙති. ස්වල්පයක් කර කාලයක් ගතකරති. යම් හෙයකින් ඔවුන් ලාමක නමයක්ම කෙරේ. "නිහින කම්මා මනුජා පරත්ථා" එම පදයට පෙර පදය හා සම්බන්ධ වේ. මුල් අයද පසුඅයද මෙයින් ගොස් පෙර කර්ම නිසා පරලොවදී සමානවෙති යන අර්ථයි. දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වුහ. රජු සුන්දරිය කවුරුන් විසින් කරවන ලදදැයි සොයා බැලීමට රාජ පුරුෂයන් යෙදවීය. අනතුරුව ඒ ධූතයෝ එම කහවනු වලින් රා බොමින් එකිනෙකා කෝලාහල කරගන්න. එකෙක් අනෙකාට කීවේය. නුඹ සුන්දරිය එකම පහරකින් මරා මල්ගොඩ අතර තබා ඉන් ලැබු කහවනුවලින් රා බොයි. හොඳයි හොඳයි රාජපුරුෂයෝ එම ධූතයන් ගෙන රජුට දැක්වුහ. රජතුමා ඔවුන්ගෙන් තෙපි සුන්දරි පරිබ්‍රාජිකාව මැරුවේ දැයි විමසීය. එසේය දේවයනි! කවුරුන් විසින් මරවන ලද්ද? දේවයනි - තීර්ථකයන් විසිනි, රජු තීර්ථකයන් කැඳවා තෙපි නගරයේ ඇවිද මෙසේ කියවු - මේ සුන්දරිය බුදුන්ට අපකිර්තිය ඇතිකරලීම සඳහා අප විසින් කරවන ලදී. භවත් ගෞතමයන් හෝ උන්වහන්සේන්ගේ ශ්‍රාවකයින් විසින් නොකරන ලදී. ඔවුන්ගේ වරදක් නැත. වරද අපේමය - යනුවෙන් ඔවුන් විසින් පවසන ලදී. අනුවණ මහජනයා එදා පිළිගත්ත. තීර්ථකයන් "පුරිසවධ" දඩුවම් වලට ලක්කළහ. එතැන් පටන් බුදුරජාණන් වහන්සේට මහාසත්කාර ලැබුනි.