තං පුත්තපසුසම්මත්ත, බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහොඝො’ව මච්චු ආදාය ගච්ඡති.
දරුවන් ද ගවමහිසාදීන් ද කරණ කොට (මා දරුවෝ රූ ඇත්තෝ ය බලැත්තෝ ය, නැණැත්තෝ ය , හැම කටයුත්තෙහි දක්‍ෂයෝ යැ යි මෙසේ දරුවන් නිසා ද , (නොලත් දෑ පැතීම් විසින් ද ලත් දැයෙහි ගිජු වීම් විසින් ද පස්කම්හි) විශේෂයෙන් ලග්න වූ සිත් ඇති ඒ පුරුෂයා නිදන ගමක් (නිදිගත් ගම් වැසියන් සමූහයක්) මුහුදට ඇදැ ගෙන යන මහ වතුරක් මෙන් මරණය තෙම (අපාය මුහුදට) හැරැ ගෙන යයි.
"තං පුත්ත පසු සම්මතං ” යන මේ ධර්මදේශනය බුදුහු දෙව්රම වැඩ සිටියදි කිසා ගෝතමිය නිමිති කරගෙන දේශනා කළහ. (කතාව) සහස්ස වර්ගයේ එයි.
යමෙක් වර්ෂ සියයක් අමෘත පදය නොදැක ජීවත් වේද, එසේ ජීවත්වීමට වඩා අමෘත පදය (නිවන) දකිමින් එක දිනක් ජීවත් වීම අගනේය සුදුසුයි.
ගාථාවේ වර්ණනය විස්තර කොට කියන ලදී එදින ශාස්තෘහු කියා ගෝතමිය ඔබ විසින් එකමිටක් හෝ අබ ලැබුවේයි විමසුහ. නැත ස්වාමීනි මුළු ගමේම ජීවත්වන්නන් අතර මළ අය බොහෝ වෙති. අනතුරුව ශාස්තෘහු ඔබ මගේම පුත්‍රයා මැරුත්යයි සලකයිද? ඒකාන්ත ධර්මයෙකි. මේ සත්ත්වයන්ට මාරයා නම් සියලු සත්ත්වයන් නොපිරිණු අදහස් තිබියදීම මහා ඕඝයක් සේ අදිමින් අපාය නැමති මුහුදට ඇද දමතියි පවසා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව පැවසුහ.
දන සම්පත් සමග දරු සම්පතද බලා
ඒ පිළිබඳව තණ්හාවෙන් වෙමිනි මුලා
නිවසන දනන් මරුවා ගෙනදුවති තලා
සෝදා ගියා වැනි ගේදොර මුහුද ගලා
එහි - තං පුත්තපසූ සම්මත්තං - ඒ රූපයෙන් ද බලයෙන්ද. සම්පූර්ණ වූ දු පුතුන් ලබා ඔවුන්ගේ අභිරූපයද, බලවත් බවද. උගත් බවද, වැඩෙහි දක්ෂ බවද, බලා සතුටු වන්නෙමි. මගේ ගව මහිෂාදීන් ගේ, බලසම්පන්න බවද, බර ඉසිලීමේ දක්ෂතාද, බොහෝ කිරි ඇති දෙනුන් ද, ආදී වශයෙන් දරුවන් කෙරෙහිද සම්පත් කෙරෙහිද, සතුටු වන්නේ යයි සිතා සිටින මිනිසා නිදා සිටිය දීම මහා වතුරකට ගසා ගෙන යන්නාක් මෙන් මාරයා රැගෙන යන්නේය. ව්‍යාසත්ත මනසන්ති - රන් රුවන් ආදීයෙහි හෝ පාත්‍ර සිවුරු ආදියෙහි හෝ කිසිවක් ලැබ වඩාත් උතුම් ප්‍රාර්ථනයේ ඇලුන මනස හෝ ඇස් හඳුනාගත් අරමුණුවල පෙරකී ලෙස හෝ පරිස්කාරවල යම් යම් දෙයක් ලැබුවේද ඒ ඒ තැන ඇලුන නිසා ඇලුන සිත් ඇති සුත්තං ගාමන්ති - නිදිගත් සත්ත්වයා. මහොඝෝ යම් සේ මෙබඳු ගමක් ගැඹුරු පළල් මහත් වු මහනදියක මහා ඕඝය අන්තිම වශයෙන් බල්ලෙක් හෝ ඉතිරි නොකර සියල්ල ගහගෙන යයි. මේ ලෙසට කියන ලද ආකාරයෙන් මිනිසා මාරයා රැගෙන යයි. කියා ගෝතමිය සෝවාන් වුවාය. පැමිණි අයටද සාර්ථක විය.