ඉධ වස්සං වසිස්සාමි ඉධ හෙමන්ත ගිම්හිසු
ඉති බාලො විචින්තෙති අන්තරායං න බුජ්ඣති.
“වැසි සාර මස (මේ මේ කටයුතු කෙරෙමින්) මෙහි ම වෙසෙන්නෙමි. හිමත් සාර මස ද, ගිමන් සාරමස ද මෙහි ම වෙසෙන්නෙමි” යි මෙසේ (දෙලෝ වැඩ නොදන්නා) අණුවන තෙම නොයෙක් ලෙස සිතයි. අතුරෙහි තමහට වන ජීවිතාන්තරාය නො දනී.
"ඉධං වස්සං” යනු මෙම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී මහාධන වෙළෙන්දා නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු බරණැස් නගරයේ සිට වණුක් මල් වලින් සායම් කළ වස්ත්‍ර ගල් පන්සියයක පුරවා ගෙන වෙළදාම පිණිස සැවැතට පැමිණියේය. ගංතෙරට පැමිණ ගෙට ගගින් එතර වෙමියි එහිම ගැල් මුදවා විසීය. රාත්‍රි මහා මේඝයක් ඇතිවී ඇත්තේය. ගඟ දින හතක් ජලය පිරි පැවතුනි, නාගරිකයෝද දින හතක් නැකත් කෙළි කළහ. වණුක්මලින් සායම් කළ වස්ත්‍රවලින් (රතුමල්) වලින් කාර්යය නිම නොවීය. වෙළෙන්දා සිතු ය. මම දුරසිට ආවෙමි. ඉදින් නැවත යන්නේනම් ප්‍රපංචයක් ප්‍රමාදයක් තරමක පාඩුවක් ඇතිවේ. මෙහිම වර්ෂා ඍතුව හේමන්ත හා ගිම්භාන ඍතුව මගේ කර්මාන්ත කරමින් වාසය කොට මේවා විකුණ ආපසු යමියි සිතීය. බුදුහු නගරයේ පිඬුසිගා යන අතර ඔහුගේ මේ අදහස දැනගෙන සිනහ පහළ කරනලදී. ඒ පිළිබඳව අනද තෙරුන් විමසුවිට මේ ලෙසට පැවසුහ. ආනන්ද ඔබ මහාධන වෙළෙන්දු දුටුවේද?ට එසේය ස්වාමීනි. ඔහු තමන්ගේ ජීවිත අන්තරාය නොදැන මේ අවුරුද්ද මෙහිම වාසයකර භාණ්ඩ විකිණීමට සිතුවේය. ස්වාමීනි ඔහුට කවර අනතුරක් වන්නේද? බුදුහු එසේය ආනන්ද ඔහු තව දින හතකින් මරුමුවට වැටේ පවසා මේ ගාථාව පැවසුහ.
අපෙජව කිචචං අතප්පං කොජඤ්ඤා මරණං සුවෙ" අද කළ යුතු දේ අදම කළයුතුය. හෙට මරණය සිදුවේදැයි දන්නේ. කවුරුන්ද? මහාසේනා ඇති මාරයා සමග කවර සටනක්ද, මෙසේ සිතා දිවා රෑ අප්‍රමාදීව කටයුතු කරන, කෙලෙස් තවන, තැනැත්තා භද්දෙකරත්ත වේ. යයි මුනිවරු පවසති.
ස්වාමීනි අපියමු ඔහුට මෙය දන්වාසිටිමු. විශ්වාසයෙන් යුතුව...... ආනන්ද යන්න. තෙරුන්, ගැල් දොරට ගොස් භික්ෂාවේ හැසිරුනි. වෙළෙන්දා තෙරුන්ට මෙසේ කීවේය. ආහාරය අපේක්ෂා කෙරේද? අනතුරුව තෙරුන් මෙසේ කිවේය. ඔබ කොපමණ කලක් මෙහි වසන්නේද ස්වාමීනි මම දුරසිට පැමිණියේ වෙමි. ඉදින් මම ආපසු යන්නට ටික දිනක් පමාවේ. මේ වසර මෙහි සිට භාණ්ඩ විකුණා යනෙමි. උපාසකය. උවදුරක් ඇත. ජිවිතාන්තර (අනාතුරුව ඇත. අප්‍රමාදී විමට වටී. ස්වාමීනි කවර අනතුරක්ද? උපාසකය දිවි අනතුරක් ඇත. දින හතකින් එය සිදු වන්නේය. ඔහු සංවේගයට පත්ව බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනාකොට දින හතක් දන් දී අනුමෝදනාව සඳහා පාත්‍රය ගත්තේය. අනතුරුව බුදුහු අනුමෝදනා කරන්නේ උපාසකය, නුවණැත්තන් විසින් නම් මෙහිම වර්ග ආදියක් වසන්නෙමියි මේ මේ කර්මාන්ත වල යෙදෙන්නෙමියි සිතීම නොවටී. තමන්ගේ ජීවිත අන්තරායට සිතීම වඩාත් වටී. යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
තව ටිකක් කල් ඉඳ
සොයා ගෙන නිසි දනරැස
ගෙදර යමි ආපසු කියා සැලසුම් සදයි රිසිසේ
එහෙත් තම මරණය
පසු පස හඹා එන බව
නො දනිමින් සැලසුම්
තනයි අනුවණ දනා රිසිසේ.
මෙහිම හේමන්ත - ගිම්භා - වස්සාන ඍතුවල වසනෙමි බාලයා අනතුර අවබෝධ කර නොගෙන මෙලෙස සිතයි.
එහි ඉධ වස්සනති - මේ ස්ථානයේම මෙහිම කරමින් සිව්මසක් හෝ වර්ෂයක් වාසය කරන්නෙමි. හෙමන්ත ගිමහිසු - ගිම්හාන සතර මසක්ද යම් යම් දේ කරන්නෙමියි මෙහිම වසන්නෙමියි දිට්ඨ ධම්මික සම්පරායික අර්ථය නොදන්නා බාලයා සිතයි. අන්තරායන්ති - අසවල් අසවල් කාලයේ හෝ දේශයේ හෝ මැරෙනෙමියි තමන්ගේ ජීවිත අනතුරු අවබෝධ නොගනී. දෙසුම අවසන වෙළෙන්දා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි අයටද සාර්ථක විය. වෙළෙන්දාද බුදුන් අනුව ගමන් කර නැවතී මට හිස රුදාවක් ඇතිවීයයි ඇදේ නිදාගත්තේය. එසේ නිදා සිටියදීම කළුරිය කොට තුසිත දෙව්ලොව උපත්ය. (පහළවිය)