න සන්ති පුත්තා තාණාය න පිතා නාපි බන්‍ධවා
අන්තකෙනාධිපන්නස්ස නත්‍ථි ඤාතිසු තාණතා.
මරහු විසින් මඬනා ලද සත්ත්‍වයාට ආරක්‍ෂා පිණිස දූ පුත්තු නො වන්නාහ. පියා ද ආරක්‍ෂා පිණිස නො වන්නේ ය. වැලි (සෙසු මල් බෑ බුහුන ආදි) නෑයෝ ද ආරක්‍ෂා පිණිස නො වන්නාහ. නෑයන් කෙරෙහි ඔහුට පිහිට වන බවෙක් නැත්තේ ය.
එතමත්‍ථවසං ඤත්‍වා පණ්ඩිතො සීලසංවුතො
නිබ්බාණගමනං මග්ගං ඛිප්පමෙව විසොධයෙ.
මෙ කරුණ දැන, නුවණැත්තේ ශීලයෙන් රක්‍ෂිත ගෝපිත වූයේ, නිවනට යන මඟ වහා ම පිරිසිදු කරන්නේ ය.
"න සන්ති පුත්තාති " යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පටාචාරා නිමිති කරගෙන දේශනා කළහ. (කථාවස්තුව සහස්ස වග්ගයේ එයි )
"යොව වස්ස පතං ජීවෙ අප්සසං උදයව්‍යයං” යමෙක් වර්ෂ සියයක් - ඇතිවීම නැතිවීම නො දැක ජීවත් වේද? එයට වඩා හට ගැනීම නැතිවීම දකිමින් එක් දිනක් ජීවත්වීම වටී.
ගාථා වර්ණනය විස්තර කොට කියන ලදී. එකල්හි පටාචාරාව ශෝකය තුනී නියාව දැන, පටාචාරාවෙනි, මිය පරලොව ගියවුන්ට වැදු දෙමාපියෝ වත්, තමන් හැදු දරුවෝ වත්, සෙසු නැදෑයෝ වත්, වෙනත් ස්වාභාවික ආරක්ෂාවක් වත් නොමැත්තේය. සරණ වන්නට නො හැක්මය. එසේ ඇති කල්හි නුවණැත්තෝ සිල් රැක, තමන්ගේ නිවන් මග සාදා ගැනීමම වටී යයි පවසා ධර්මය දේශනා කරමින් මේ ගාථාව පැවසුහ.
මරණය හිමිය උපදින හැම කෙනෙකු හට
දු දරු මව්පියෝ නැත පිහිට වීමට
නැදැයින් කිසිත් නැත ඔබ තනිව සිට
අරි අට මග වඩා යායුතුය නිවණට
මරණයෙන් යටපත් වුවහුට පිහිට පිණිස දු පුතුන් නැත. පියවරු නැත. ඥාතින් නැත මාරයා වැටුනවිට ඥාතීන්ගේ පිහිට නැත. සිලයෙත් සංවරවු නුවණැත්තෝ මෙය දැන නිවන් මග වහා ශුද්ධ කරගනී. තත්ථ එහි තාණයා යනු ආරක්ෂව - පිහිටවීම සඳහාය. බන්ධවා යනු පුතුන්ද දුවරුද තබා අනෙක් ඥාති සහෘදයෝ නැත. අන්ත කෙනාධි පන්නස්ස මරණ බියෙන් මැඩගත් පැවැත්ම. පුතුන් ආදීන් කැමබීම ආදීය දීමෙන් මෙන්ම ඇතිවන කාරිය අවසන් කිරීම ද පිහිට වීද මරණ කාලයේ කිසියම් උපායකින් මරණය වළක්වන්නට අසමත් බැවින් පිහිට පිණිස ආරක්ෂාව පිණිස නැත්තේමය. එනිසා කියන ලදී . නත්ථි ඥාතීසු - ඥාතීන්ගේ පිහිටක් නැත. මේ කරුණ නිසා එකිනෙකාට පිහිට විමට අසමර්ත සඞඛ්‍යාත කරුණු දැන නුවණැත්තා චතුපාරිශුද්ධි සීලයෙන් සංවර වී රකින ලද ගෝපනය කරන ලද ඉඳුරන් ඇතිව නිවන් මග වු අෂ්ඨාංගික මාර්ගය වහවහා වැඩිය යුතුයයි යන අර්ථයි. දේශනය අවසානයේ පටාචාරා සෝවාන් ඵලයෙහි පිහිටි යාය. අනෙක් බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
මග්ග වර්ණණාව නිමි
විසි වැනි වර්ගයයි.