20-9 (ස්වර්ණ) රන්කරු තෙරුන් පිළිබඳ කථා පුවත

උච්ඡින්‍ද සිනෙහමත්තනො කුමුදං සාරදිකං’ව පාණිනා

සන්තිමග්ගමෙව බ්‍රූහය නිබ්බාණං සුගතෙන දෙසිතං.

(වප් හිල් දෙ මස වූ) සරත් කල්හි කුමුදු මලක් අතින් ගෙණ උදුරන්නක්හු මෙන්, තමාගේ තෘෂ්ණාව රහත්මඟනැණින් මුලින් සිඳුව. නිවන් පමුණුවන අටැඟි මඟ ම වඩව (තා සතන්හි උපදව). නිවන සුගත් බුදුහු විසින් යම් හෙයකින් දෙසන ලද ද එ හෙයින් එයට පමුණුවන අටැඟි මඟ ම උපදව.

"උවජින්දා - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී සැරියුත් තෙරුන්ගේ සද්ධි විහාරික තෙරනමක් ඇරබ දේශනා කළහ. එක් රන්කරුවෙකුගේ රූමත් පුතෙක් සැරියුත් තෙරුන් සමිපයේ පැවිදිවීය. තෙරුන් වහන්සේ තරුණ අයට රාගය උත්සන්න වේයි සිතා ඔහුගේ රාගය දුරකරලීම සඳහා අසුභ කර්මස්ථානයක් දුන්නේ ය. ඔහුට එය සප්පාය නොවීය. එනිසා ආරණ්‍යයට පිවිස තෙවසක් උත්සාහ කරන්නේ සිතේ එකගතාවක් හෝ නොලැබ නැවත තෙරුන්වෙත පැමිණ එළඹ සිටි කල්හි තෙරුන් විසින් කර්මස්ථානයන් පිළිබඳ විමසිය ඒ භික්ෂුව සියලු පවත් කීහ. අනතුරුව කර්මස්ථානයන්ගෙන් ප්‍රතිඵල නුවුයේයයි කෙළවරට පැමිණීම සුදුසු නොවේයි පවසා නැවතද එම කර්මස්ථානයම මැනැවින් කියවා දුන්නේය. ඔහු දෙවනවරද කිසිදු විශේෂත්වයක් ඇතිකර ගැනීමට නොහැකිවුයේ පැමිණ තෙරුන්ට දැනුම් දුන්නේය. අනතුරුව තෙරුන් කරුණු සහිතව උපමා සහිතව එම කර්මස්ථානයම කියාදුන්හ. තෙරුන් සිතූහ. ක්‍රියාකාරි භික්ෂුව තමන් වෙත පවතින කාමචඡන්දාදිය විද්‍යාමාන බවද අවිද්‍යමාන බවද දැනගනී. මේ භික්ෂුව ක්‍රියාකාරියෙක් නොව අකාරිකයෙකි. පිළිපන් කෙනෙක් නොව නොපිළිපනෙකි. මම මොහුගේ අදහස් නොදනිමි බුදුන් විසින් මොහු නික්ම වියයුතු අයෙක් වේ. ඔහු කැඳවාගෙන සවස් යාමයේ බුදුන් වෙත එළඹ ස්වාමීනි මොහු මගේ සද්ධිවිහාරිකයෙකි. මොහුට මේ කරුණ නිසා මේ කර්මස්ථානය දුන්නෙමි. සියළු පුවත් දැනුම් දුන්හ.

ඉක්බිති බුදුහු ආසයානුසය ඤාණය. පාරමී පුරා දසදහසක් ලෝකධාතුව නාද කරවමින් සර්වඥතාඥානය ලත් බුදුන්ටම විෂයවේයයි පවසා කවර කුලයකින් මොහු පැවිදු වුයේදැයි ආවර්ජනා කරන්නේ රන් කරුවෙකුගේ කුලයෙන් යැයි දැන අතීත ආත්මභාව බලන්නේ පන්සියයක් ආත්මභාවවල ස්වර්ණකර කුලයේම උපන් බව දැක. මේ තරුණයා බොහෝකලක් රන්කම් කිරීමෙන්ම පෙරලුණි. එනිසා මොහු කනිකාදි මල් නෙළුම් මල් ආදියෙන් කමටහන් කරවමියි සිතා රන් රුවන්ම පරිවර්තනය කරන ලද්දේය. එනිසා මොහුට අසුභ පටිකූල කර්මස්ථාන සුදුසු නො වන්නේ මොහුට මනාප කර්මස්ථානය යෝග්‍යයයි. සිතා සාරිපුත්තය. ඔබ විසින් කර්මස්ථාන දී සාරමසක් පෙළන භික්ෂුව අද සවස් වරුවේදීම රහත් බවට පත්වීම බලන්න. යන්නැයි උනන්දු කොට ඍද්ධියෙන් රියසකක් පමණ රන් නෙළුමක් මවා පත්‍රවලින් හා පියුම් නටුවෙන් ජල බිඳු මුදවන සේ කරවා මහණ මේ නෙළුම ගෙන විහාරයට දුරින් වැලිගොඩක තබා ඉදිරියේ පර්යකයෙන් වාඩිවී ලොහිතකං ලොහිතකං යනුවෙන් පරිකර්ම කරන්නැයි දුන්නේය. ඒ බුදුන් අතින් තෙම ගනිද්දීම සිත පැහැදුනි. ඔහු විහාරයේ කෙළවරකට ගොස් වැලි ගොඩක් සාදා එහි නෙළුම් දණ්ඩ ගසා ඉදිරියේ පර්යංකයේ සිටිමින් ලොහිතකං ලොහිතකං යනුවෙන් පරිකර්මය පටන් ගත්තේය. එහිදී ඒ අවස්ථාවේදීම නීවරණ ප්‍රචාණය විය උපවාර ධ්‍යානය ඇතිවුනි. ඉන් අනතුරුව ප්‍රථම ධ්‍යානය උපදවා පඤ්ච ආකාර වාසභාවයට පත්ව වාඩිවී සිටියදීම දුතියජ්‍ඣාන ආදියෙහි වසඟවුයේ චතුර්ථ ධ්‍යානයේ ධ්‍යාන ක්‍රිඩා කරන්නේ වැඩසිටියේය. බුදුහු ඔහුට ධ්‍යාන උපන්බව දැන ගෙන ඔහුට ධර්මතාවයට වඩා උතුම් විශේෂ ඥානයත් ඉපදවීමට හැකිවේදැයි බලා හැකිබව දැනගෙන එම නෙළුම මැලවේයි අදිටන් කළහ. එය අතින් මඩින ලද නෙළුමක් මැලවෙන්නාසේ කළු පැහැ ගැන්වුනි. ඔහු ධ්‍යානයෙන් නැගිට එය බලා කුමක් හෙයින් මේ නෙළුම ජරාවෙන් යුතුවුයේ පෙනෙයි නොගත් දෙයෙහිද මෙලෙස ජරාවෙන් පෙළෙනකල ග්‍රහනය කරන ලද්දේ කවර කථාවක්ද? මෙහිද ජරාවෙන් වැඩ පවත්නේයයි අනිත්‍ය ලක්‍ෂණ බැලුවේය. එය දුටුවිට දුක්ඛ ලක්ෂණයද අනිත්‍ය ලක්‍ෂණයද දැක්ම වෙයි. ඔහුට තුව්ලොවම අසාර සේ ගෙලේ බැඳි කුණපය ලෙස වැටහුනි. එකෙණෙහි ඔහු අසල දරුවො එක් හඩක් පිටකර නෙළුම් කඩා ගොඩබිම එක් රැස් කරති. ඔහු ජලයේද ගොඩබිමද කුමුදු මල් බැලුවේය. අනතුරුව ජලයේ මල් වඩාත් අලංකාර ලෙස ජලය වගුරුවමින් මෙන් නැගී සිටියහ. අනෙක් මල් මැලවුයේ විය. ඔහු උපදින්න වුන ජරාව මෙලෙසින් පහර දේ . ග්‍රහණය කළ ඒවා කිම පහර නොදේද වඩාත් හොඳට අනිත්‍ය ලක්‍ෂනාදිය දුටුවේය. මොහුට කර්මස්ථාන ප්‍රකට වීයයි. දැන ගඳකිළියේ සිටම ආලෝකයක් විහිදවීය. ඔහු ඔහුගේ මුහුණට ආලෝකය දුන්නේය. අනතුරුව මේ කුමක්දැයි බලනවිට බුදුහු අවුත් ඉදිරියේ වැඩසිටියේ මෙන් විය. ඔහු නැගිට ඇදිලි බැඳගෙන අනතුරුව බුදුහු ඔහුගේ සප්පාය සලකාබලා මේ ගාථාව පැවසුහ.

නිල් මහනෙල් මලක් නිල් දිය මත පිපුණු

සියතිනි සිදිනවා මෙන් ඔබ හද බැඳුණු

තන්හා මාන ඈ කෙලෙසුන් සිත රැදුණු

අරහත් නුවණැසින් පින්වත සිඳ දමනු

සරත් කාලයෙහි පිපුණු කුමුදු මලක් අතින් ගෙන, උදුරා දමන්නාක් මෙන් තමන්ගේ ස්නේහය උදුරා දමන්න. සිඳ දමන්න. නිවන්මගම වඩන්න නිවන උතුම් සැපත යයි බුදුරදුන් විසින් දේශනා කරන ලදී.

එහි උච්ඡින්ද යනු අරහත් මාර්ගයෙන් සිඳීම. සාරාදිකංතා යනු සරත් කාලයේ හටගත් සන්ති මග්ගං - නිර්වානගාමී ආර්ය අෂ්ඨාංගික මාර්ගය , බ්‍රෑහයති යනු වඩයි. නිබ්බාණං නිවණ නම් සුගතෙනදෙසිතං - බුද්ධ දේසිතය. එනිසා එම මාර්ගය වඩයි යන අර්ථයි.

දේශනාවසානයේ ඒ භික්ෂුව අරිහත්වයේ පිහිටියේය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.