සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.
සියලු සංස්කාරයෝ (උදයව්‍යයයෙන් පෙළෙන හෙයින්) දුක්හ යි යම් කලෙක විවසුන් නුවණින් දකී ද, එකලැ මේ ස්කන්‍ධ පරිහරණයෙහි (දුකෙහි) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ සත්‍යයන් පිළිවිදුනේ ය.) මේ සංස්කාරයන් කෙරෙහි කළකිරීම, නිර්‍මල බවට (නොහොත් නිවනට) මඟය (කාරණ ය).
දෙවැනි ගාථවහිද පළමු වැන්න මෙනි, එදින බුදුරජාණන් වහන්සේ එම භික්ෂූන්ට දුක්ඛ ලක්‍ෂණ කථා සුදුසු බව දැන මහණෙනි සියළු ස්ඛන්ධ ප්‍රතිපීළන අර්ථයෙන් දුකසේ මැයි පවසා මෙම ගාථාව පැවසුහ.
සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති -
සියළු සංකාර දුකක්යයි යම් දිනෙක ප්‍රඥාවෙන් බලයි ද එනිසා දුකෙහි කළකිරේ මෙය විසුද්ධි මාර්ගයයි.
එහි දුක්ඛ නම් ප්‍රතිපිළන අර්ථයෙන් දුකයි. අන් සියල්ල පෙර දින කථාව මෙනි.