සබ්බෙ ධම්මා අනත්තා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.
සියලු පස් කඳහු (තමා වසයෙහි නොපවත්නා හෙයින්) අනාත්මහ යි යම් කලෙක විවසුන් නුවණින් දක්නේ ද, එ කල්හි මේ දුකෙහි (ස්කන්‍ධපරිහරණයෙහි) කළකිරෙන්නේ ය. (එසේ කළකිරුනේ සත්‍යප්‍රතිවේධය කරන්නේ ය.) එහෙයින් මේ සංස්කාරයන්හි කලකිරීම, නිර්‍මල බවට (නොහොත් නිවනට) මඟ ය.
"තුන් වැනි ගාථාවේද මෙසේම න්‍යාය වේ. මෙහි භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන්ට පෙර අනාත්ම ලක්ෂණය සුදුසු යෝග්‍යබව දැන මහණනි සියළුම ස්ඛන්ධ නොපවන්නා නිසා අනාත්මයයි පවසා මේ ගාථාව පැවසුහ.
"සබ්බෙ ධම්මා අනත්තාති" සියළුම ධර්ම අනාත්ම යයි යම් දිනෙක නුවණින් දකීද එනිසා දුක පිළිබඳව කළකිරේ මෙය විසුද්ධියට මාවතයි. එහි "සබ්බෙ ධම්මා - යනු පඤ්චස්කන්ධයම අදහස් කෙරේ. අනත්තාති - නොදිරවා - මියනොයේවා යනාදී වශයෙන් පැවත්මට නොහැකිය. නොවසන නිසා ආත්ම ශුන්‍යය අස්වාමිකය. නිස්සාරය යන අර්ථයි. අන් විතර පෙරසේමය.