න වාක්කරණමත්තෙන වණ්ණපොක්ඛරතාය වා.
සාධුරූපො නරො හොති ඉස්සුකී මච්ඡරී සඨො.
(ඡින්නස්වර භින්නස්වර ගද්ගදස්වර කාකස්වර නො ව ගම්භීර ස්වරතාදි වශයෙන්) ලක්‍ෂණ සම්පන්න තෙපුල් ඇති පමණෙකින් හෝ ශරීර වර්‍ණය යහපත් බැවින් හෝ (පරලාභාදියෙහි) ඊර්‍ෂ්‍යා ඇති, (ආවාසමාත්සර්‍ය්‍යාදි පස් වැදෑරුම්) මසුරු බැවින් යුත්, (කෛරාටික පක්‍ෂය භජනය කිරීමෙන්) වංචක වූ මිනිස් තෙම සාධු වූ ස්වරූප ඇත්තේ නො වෙයි.
යස්ස චෙ තං සමුච්ඡින්නං මූලඝච්චං සමූහතං
ස වන්තදොසො මෙධාවී සාධුරූපො’ති වුච්චති.
යමක්හු විසින් වනාහි මේ (ඊර්‍ෂ්‍යාදි) දෝෂජාතය මුලින් සිඳිනා ලද ද, (අවිද්‍යාදි ක්ලේශමූලය හා සමග රහත්මඟනැණින්) නසන ලද ද, වැමෑරු කෙලෙස් දොස් ඇති, (ධර්මොජස් ප්‍රඥායෙන් යුක්ත වූ) ඒ පුද්ගල තෙම සාධුස්වරූප ඇත්තේ යැ යී කියනු ලැබේ.
"න වාක්කරන මත්තෙන ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී බොහෝ භික්ෂූන් අමතා දේශනා කළහ.
එක් අවස්ථාවකදී ළමයින් හා සාමණේරවරුන් තමන්ගේ ධම්මචාරීන් සමග සිවුරු පඬු පෙවීම් ආදී වතාවත් කරන්නන් දැක, සමහර තෙරවරු මෙසේ සිතුවාහුය. අපි අකුරු කිරීමේ දක්‍ෂ අය වෙමු. අපට කිසිවක් නැත. යම්හෙයකින් අපි බුදුන් වෙත එළඹ මෙසේ කියමු.
ස්වාමීනි අපි අකුරු කිරිමේ දක්‍ෂ අය වෙමු. අන් අය සමීපයේ ධර්මය උගන්නා තෙරණුන් (අප) ළඟම පිරිසිදු නොකර සජ්‍ඣායනා නොකරව් යයි දහර සාමණේරවරුන්ට අණ කරණු මැනවි. එනිසා අපට ලාභ සත්කාර වැඩෙන්නේය. ඔවුහු බුදුන් වෙත එළඹ එලෙස කීවාහුය. බුදුහු ඔවුන්ගේ වචනය අසා මේ සසුන් ප්‍රවේණි වශයෙන්ම මෙසේ කීමට ලැබේ. මොවුන් ලාභසත්කාර ඇසුරු කළේයයි දැන මම තොප කථාකිරීම් පමණකින් යහපත් යයි නො කියමි. යම් අයුරකින් ඔබලාගේ ඊර්ෂියාව ආදි ධර්ම රහත් මගින් විනාශ කළේ ද එයම වඩාත් යහපත් වේ යයි පවසා මේ ගාථාව දේශනා කළසේක.
නළවන මිහිරි තෙපුලෙන් ගත් නමුදු සිත
රන්වන් පාට තිබුනත් හැඩ වැඩුනු ගත
කෙලෙසින් පිරුණු සිත හා නිසි නුවණ නැත
මේ බුදු සසුනේ ඔහු යහපත් නොවනු ඇත
මිහිරි තෙපුල් ඇති පමණින්. සිරුරේ පැහැය දැකුම් කළු වු පමණින්, අනුන්ගේ යහපත නොඉවසන ඊර්ෂ්‍යා කරන පුද්ගලයා යහපත් නොවේ. යමෙකුගේ මේ පරම්පාව සපුරා සිඳින ලද නම්, කෙලෙස් දුරු කරන ලදනම් නුවණැති ඔහුම යහපත් වේ.,
එහි වාක්කරන නම් වචන කීම පමණින් ලස්සන සම්පන්න වචන පමණි. වණ්ණ පොක්ඛරතාය. - ශරීර වර්ණයේ සිත්කළු බැවින් හෝ නරො යනු මෙපමණකින්ම අන් අයගේ ලාභ ආදිය කෙරෙහි ඊර්ෂ්‍යා කරමින් පස් ආකාර මසුරු බැවින් යුතුවු කරාටික පක්‍ෂය භජනය කිරිල්ලෙන් කපටි වු මිනිසා යහපත් නොවේ ම ය. යස්ස චෙතන්ති- යනු යම් පුද්ගලයෙකුට ඊර්ෂ්‍යා ආදී දෝස අරහත් මාර්ග ඤාණයෙන් මුලින්ම සිඳ දමා බැහැර කළ දෝස ඇත්තේ ද ධර්ම නුවණින් යුතු වුයේ ද ඔහු ම සාධුරූප යයි කියනු ලැබේ යන අර්ථයි.
දේශනය අවසානයේ දී බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.