න තෙන පණ්ඩිතො හොති යාවතා බහු භාසති
ඛෙමී අවෙරී අභයො පණ්ඩිතො’ති පවුච්චති.
යම් පමණ කාරණයෙකින් සඟ මැද ආදියෙහි (අත්තුක්කංසන පරවම්භන වශයෙන්) බොහෝ කොට බෙණේ ද, එපමණ කාරණයෙකින් ධර්‍මධර නම් නො වෙයි. යමෙක් වනාහි තෙමේ ක්‍ෂේමී වේ ද, (පංචදුශ්චරිත වෛරයන් නැති හෙයින්) වෛර නැත්තේ ද, (පංච වෛරයන් කෙරෙන්) භය නැත්තේ ද (නොහොත් අනුන් නො බවා ද) හෙතෙම පණ්ඩිත යැ කියනු ලැබේ.
"නතෙන පණ්ඩිතො” යනු මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටියදි සවග මහණුන් නිමිති කරගෙන මේ දේශනය කළහ.
එම භික්ෂුහු විහාරයේ ද ගමේ ද දන්ගෙවල් ද කසල කරමින් වැඩි කෙරෙමින් හැසිරෙති. අනතුරුව එක් දිනක් ගමේ බත් කිස නිමවා ආවාවු බාල අයගෙන් හා සාමණේර වරුන්ගෙන්ද විමසුහ. ඇවැත්නි. දන් ගෙය කෙසේද? ස්වාමීනි ! ඒ ගැන නොඅසනු මැනව, ජබ්බග්ගිය භික්ෂූන් අපිම වියත් අය වෙමු. අපිම පණ්ඩිතවරු වෙමු. මොවුන් මෙහි දන් වැළදීම අවසන් කරවමු මෙතැනින් නෙරපමු. යන හැගීමෙන් පහර දී අපගේ හිසේ කසළ දමා දන්ගෙය අවුල් කළහ. භික්ෂූන් වහන්සේලා බුදුන්වෙත ගොස් මේ කරුණ දැනුම් දුන්හ. බුදුහු මහණෙනි, මම බොහෝ කථාකොට අන්අය පෙළන්නන් පඬිවරුන් යයි නො පවසමියි. මේ ගාථාව දෙසුහ.
වැඩිපුර කථාවෙන්
පණ්ඩිතයෙක් නොවේමැයි
වයිර නැති - බිය නැති
අනුන්ට උවදුරු නැති
අනුන් ගුණ සලකන
අයම පණ්ඩිතයෝම වෙත්මැයි.
එහි යාවතා - යනු උත්සාහයෙන් කරුණක් සංඝයා මැද ආදී තන්හි බොහෝ කොට කථා කරයි ද? එයින් ඔහු පණ්ඩිතයෙක් නම් නොවේ. යම් කෙනෙක් ඛෙමී ඉවසන පස් ආකාර වෛරයෙන් තොරව අවෛරී නිර්භයව පැමිණි මහජනයා වෙතට බියක් ඇති නොකරයි ද ඔහු පඩිවරයා ම වේ යන අරුතයි.
මේ දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.