ආකාසෙ පදං නත්ථි සමණො නත්ථි බාහිරෙ
පපඤ්චාභිරතා පජා නිප්පපඤ්චා තථාගතා.
අහසෙහි පිය සටහනෙක් නැත. බාහිර ශාසනයෙක මාර්‍ගස්ථඵලස්ථ මහණෙක් නැත. නිත්‍ය ව පවත්නා සංස්කාර කෙනෙක් නැත (සත්ත්‍වලෝක සංඛ්‍යාත) ප්‍රජාව (තෘෂ්ණා මාන දෘෂ්ටි සංඛ්‍යාත) ප්‍රපංචයෙහි ඇලුනේ ය. තථාගතවරු ප්‍රපංච රහිතයෝ ය.
ආකාසෙ පදං නත්ථි සමණො නත්ථි බාහිරෙ
සඞ්ඛාරා සස්සතා නත්‍ථි නත්‍ථි බුද්ධාන ඉඤ්ජිතං.
අහසෙහි පිය සටහනෙක් නැත. සස්නෙන් බැහැර මහණෙක් නැත. නිත්‍ය ව පවත්නා සංස්කාර කෙනෙක් නැත. බුදුවරුන්ගේ (තෘෂ්ණා මාන දෘෂ්ටි ප්‍රපංචයන් අතුරෙහි යම් ඉංජිතයක් නිසා සංස්කාරයෝ ශාශ්වත හ යි ගණිද්ද එසේ වූ) එක ද ඉංජිතයෙක් නැත.
"ආකසෙ" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන මල්ල රජ දරුවන්ගේ සල්වනයේ පිරිනිවන්පානු සඳහා සැතපෙමින් සිටියදී සුභද්ද පිරිවැජියා නිමිති කරගෙන දේශනා කළහ.
මොහු වනාහී අතීතයේදී කණිටු සොහොයුරා එක් අස්වැන්නකින් නව වාරයක් අග්‍රශස්‍ය දන් දෙන්නේ අකමැතිව ප්‍රමාදවී අවසානයේ දුන්නේය. මේ නිසා පළමු බෝධියේදී හෝ මධ්‍යම බෝධියේදී බුදුන් දකිනු නොහැකිව පශ්චිම බෝධියේදී බුදුන් පිරිනිවන්පාන අවස්ථාවේ මම ප්‍රශ්න තුනක් මගේ සැක දුරු කරගැනීම සඳහා මහළු පිරිවැජියන් ගෙන් අසා භවත් ගෞතමයන් කුඩායයි දහරයයි හැගීමෙන් නො ඇසුවෙමි. දැන් මම ගෞතමයන් පිරිනිවන් පෑමෙන් අනතුරුව භවත් ගෞතමයන් නොවීමසීම පිළිබඳව විපිළිසර ඇතිවේ. මේනිසා බුදුන් වෙත එළඹ ආනන්ද තෙරුන් වළක්වද්දී, බුදුන් ආනන්ද තෙරුන්ට නොවළක්වන ලෙසට පැවසු පසු සුභද්‍ර බුදුන් වෙත ගොස් තමන් තුළ පැවති ප්‍රශ්න විමසුහ. පින්වත් ශ්‍රමණයන් වහන්ස ! කවර හෙයින් අහසේ පාසටහන් නැත්ද? මේ සසුනේ බැහැරව ශ්‍රමණයෝ ඇත්ද? නොනස්නා වූ ප්‍රත්‍ය සමුත්පන්න ධර්මයෝ ඇත්ද? මේ ප්‍රශ්න විමසුවේය. අනතුරුව බුදුහු එම ප්‍රශ්නවල ආභාවය කියමින් මේ ගාථාවෙන් ධර්මය දේශනා කළහ.
පියවර ලකුණු නුබ කුස පිහිටනුයේ නැත
මග පල ලැබීමක් බාහිර සසුනෙ නැත
අනියස සකර දම්, එහි තිරගතිය නැත
ආසා එකක් වත් සම්බුදු සිතක නැත
"ආකාසෙ පදං නත්ථි සමණො නත්ථි බාහිරෙ- අහසේ පියවර සටහන් නැත. බාහිර ශාසනයේ යෝ නැත්තාහ සත්ත්වයෝ තෘෂ්ණාදී ප්‍රපංචයන්හි ඇලේ තථාගතවරු එසේ නොවේ. අහසේ පියවර සටහන් නැත, බාහිර ශාසනවල ශ්‍රමණයන් නැත.
එහි පදං යනු මේ අහසේ වර්ණ වශයෙන් රූපයයි පැනවිය යුතුය. කිසිදු පදයක් නැත. බාහිර නම් මගේ සසුනෙන් බැහැරව මාර්ග ඵල වලට පත් ශ්‍රමණයන් නැත. පජානම් මේ සත් ලොව ප්‍රජාව තන්හාදි ප්‍රපංචයන්හි ඇලුනාහුවෙති. නිප්ප පඤචා - නම් බෝධි මුලයේදීම සියළු ප්‍රපංච සිඳදමු හෙයින් තථාගතව පුපංච රහිතය සඞබාරා පඤ්චස්ඛන්ධය එහි එකක් හෝ ශාස්වත ස්වරූපයක් නැත. ඉඤ්ජිතං - බුදුවරුනම් තෘෂ්ණාමාන ආදී ඉඤජිතවල යම් සඞ්කාර වශයෙන් ගන්නේද එකද ඉඤ්ජිතයක් හෝ නැත යන අර්ථයි.
දේශනය කෙළවර සුභද්‍ර අනාගාමි ඵලයේ පිහිටියේය. පැමිණි පිරිසටද දේශනය සාර්ථක විය.
මල වර්ග වර්ණනාව නිමියේය.
දහ අට වැනි වර්ගයයි.