දදාති වෙ යථා සද්ධං යථා පසාදනං ජනො
තත්‍ථ වෙ මඞ්කු යො හොති පරෙසං පානභොජනෙ
න සො දිවා වා රත්තිං වා සමාධිං අධිගච්ඡති.
ජන තෙමේ ශ්‍රද්ධාවට අනුරූප පරිද්දෙන්, තමාගේ ප්‍රසාදයට අනුරූප පරිද්දෙන්, අනුනට දෙන්නේ ය. ඒ පානභෝජයනයෙහි යම් මහණෙක්, (රූක්‍ෂ දැ ලදැ යි) දොම්නස් ඇත්තේ වේ ද, හෙ තෙම ඒකාන්තයෙන් දාවලෙක වත් රාත්‍රියෙක වත් සමාධියකට නො පැමිණෙන්නේ ය.
යස්ස චෙතං සමුච්ඡින්නං මූලඝච්චං සමූහතං.
ස වෙ දිවා වා රත්තිං වා සමාධිං අධිගච්ඡති.
යම් මහණකු විසින් වනාහි මේ මකු බව මුලින් සිඳුනා ලද ද, (අවිද්‍යා තෘෂ්ණා නැමැති) ක්ලේශමූලය මොනවට නසන ලද ද, හෙ තෙම ඒකාන්තයෙන් දාවල් හෝ රෑ හෝ සමාධියට පැමිණෙන්නේ ය.
"දදාති චෙ" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටියදී තිස්ස නම් ළදරු භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
මේ තිස්ස භික්ෂුව අනේපිඬු සිටුවරයා හා විශාඛාවන් පන්සියයක් ආර්ය ශ්‍රාවකාදීන් වෙත දෙන දානයන් ප්‍රතික්ෂේප කරමින් හැසිරෙයි. අසදෘස මහා දානය ද අවමානයට ලක්කරයි. ඒ ඒ දාන ශාලාවල සීතල ලැබ සීතල යයි නින්දා කරයි. උණුසුම ලැබුනවිට උෂ්ණ යයි නින්දා කරයි. ස්වල්පයක් ලැබුන විට ස්වල්පය කුමක්දැයි නින්දා කරයි. බොහෝ දේ ලත්විට මොවුන්ගේ ගෙවල තබන තැන් නැතැයි සිතයි. භික්‍ෂූන්ට දියයුතු පමණට දියයුතුයි නේද? භික්ෂූන්ගේ යැපීම් ප්‍රමාණයට වඩා කැද බත් නිර්ථක ලෙසට අපතේ දමයි. කියා නින්දා කරයි. තමන් ගේ ඥාතීන් නිමිති කරගෙන අහෝ අපේ ඥාතීන්ගේ නිවෙස්වලට සිව්දිගින් එන යන භික්ෂූන්ට වෙළඳසැලක් වැන්න. උත්සව මණ්ඩපයක් වැන්න. යනුවෙන් ප්‍රශංසාත්මක කථා කරයි. එහෙත් ඔහු දොරටුපාලකයෙකුගේ පුතෙකි. ජනපදයේ හැසිරෙන්නේ වඩුවෙක් සමග හැසිරෙමින් සැවැත් නුවරට පැමිණ පැවිදි විය. අනතුරුව භික්ෂූන් වහන්සේලා මිනිසුන්ගේ මේ දන්දීම පිළිබඳව නින්දා කරනු අසා එය විමසා බලමුයි සිතා ඇවැත්නි ඔබගේ ඥාතීන් කොහේ සිටිත්දැයි විමසා අසවල් ගමේ යයි පැවසුවිට තරුණ භික්ෂූන් කිපදෙනෙක් යැවුහ. ඔවුන් ඒ ගමට ගොස් ගම්වැසියන් විසින් ආසන ශාලාවක වාඩිකරවා සත්කාර කරන ලද්දේ මෙසේ විමසුහ. මේ ගමින් පිටත්ව පැවිදිවු තිස්ස නම් තරුණ භික්ෂුවක් සිටි. ඔහුගේ ඥාතීන් කවුරුන්ද යනුවෙනි. මේ ගමේ කුලගෙවල් වලින් නික්මී පැවිදි වුවෙක් නැත. කවරෙක් ගැන මේ අය කියත්දැයි සිතා ස්වාමීනි එක් දොරටුපාල පුත්‍රයෙක් වඩුවෙක් සමග හැසිරි පැවිදි වුයේ යයි අපි ඇසුවෙමු. ඔහු පිළිබඳව විමසන්නේ යයි සිතමි. තරුණ භික්ෂූන් තිස්ස භික්‍ෂුවට ධනවත් ඥාතීන් නැතැයි දැන සැවතට ගොස් ස්වාමීනි තිස්ස නිකරුන්නේ දොඩවතියි ඒ පුවත භික්ෂූන්ට දැනුම් දුන්හ. භික්ෂූන්ද තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. තථාගතයන් වහන්සේ මහණෙනි මේ තැනැත්තා දැන් පමණක් නොව පෙර භවයේදීද පුරසාරම් දෙඩුවේයි පවසා පිළිබඳව ඉල්ලා සිටිවිට අතීතය ගෙන හැර දැක්වුහ.
"බහුම්පි සො විකථෙය්‍ය අඤඤං ජනපදං ගතො” ඒ පුද්ගලයා වෙනත් ජනපදයකට ගියවිට බෙහෙවින් පුරසාරම් දොඩයි. ආපසු පැමිණ (තමාගේ ස්වාමියා) දුෂ්‍යකරයි කටාහකය ආනාචාර ගති හැර පියා සම්පත් අනුභව කරව!
මෙම කටාහ ජාතකය විස්තර කරදී මහණෙනි ! යම් පුද්ගලයෙක් අන් අය විසින් ස්වල්පවු හෝ බොහෝ කොට හෝ රළුවු හෝ ප්‍රණීතවු දෙනලද දෙය අයට හෝ දී තමන්ට නොදීම ගැන වංකවේද මකුවේද ඔහුට ධ්‍යානයක් හෝ විදර්ශනා හෝ මාර්ගඵල ආදී හෝ නුපදීය පවසා ධර්මදේශනා කරන්නේ මේ ගාථාව පැවසුහ.
සැදැහැ පවතින අයුරින් - තමන් වත්කම් පමණට
සැදැහැත්තො දන්දෙති - ගුණ දොස් කුමට ඒ ගැන
සිව්පසයෙ ගුණදොස් - නිතර සොයනා මහණුන්
මග පලකිසිත් නො ලබා - සරති හිස් මිනිසුන් සේ.
එහි දදාති වෙ යථා සද්ධා යනු ශ්‍රද්ධාව ඇති මහාජනයා තම වත්කම් පමණින් දන් දේ - යථා පසාදනං යනු ථේර නවකාදී වශයෙන් යම් යම් අය කෙරෙහි පැහැදීම් අනුවම දන්දෙයි
තත්ථ - යනු අන්අයට දීමේදී ම විසින් අල්පවු හෝ රථවු හෝ දෙයක් ලැබුනේයයි කලකිරීමට පත්වේද? සමාධින්ති - යනු ඒ පුද්ගලයා දවල් හෝ රාත්‍රි හෝ උපචාර අර්පනා වශයෙන් හෝ මාර්ගඵල වශයෙන් හෝ සමාධියට නොපත්වේද යස්සචෙතං යම් පුද්ගලයෙකුට මේ ස්ථානයන්හි දී කලකිරුණ ස්වභාවයක් ඇති වේද එම අකුශලය සිඳ දමා මුලින්ම උදුරා දැමුවහොත් අරහත් මාර්ග ඤාණයෙන් සම්පුර්ණයෙන් ඔහු සමාධියට පත්වේ යන අයයි. දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ඵලය ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.