යො පාණමතිපාතෙති මුසාවාදං ච භාසති
ලොකෙ අදින්නං ආදියති පරදාරං ච ගච්ඡති.
යමෙක් පණ නසා ද, බොරු කියා ද. (මේ) සත්ලොවෙහි නොදුන් දෑ පැහැරැ ගනී ද, පරඹුවන් කරා යේ ද,
සුරාමෙරයපානං ච යො නරො අනුයුඤ්ජති
ඉධෙව පොසො ලොකස්මිං මූලං ඛණති අත්තනො.
යම් මිනිසෙක් රහමෙර පීමෙහිත් යෙදේ ද, මෙබඳු පුඟුල් තෙම මෙ ලොව්හි දී ම තමාගේ ප්‍රතිෂ්ඨාමූලය කණන්නේ ය.
එවං භො පුරිස ජානාහි පාපධම්මා අසඤ්ඤතා
මා තං ලොභො අධම්මො ච චිරං දුක්ඛාය රන්‍ධයුං.
භවත් පුරුෂය, (අකුශල) ධර්‍මයෝ සංයම නැත්තෝ යැ යි මෙසේ දනුව. ලෝභය ද ද්වේෂය ද යන අකුශලමූලයෝ දෙදෙන තා බොහෝ කලක් නරකාදි දුකට නො පමුණුවත්වා.
"යො පාණ මතිපාතෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පන්සියයක් උපාසකවරු නිමිති කරගෙන දේශනා කළහ.
ඔවුන් අතුරින් එක් අයෙක් ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය පමණක් ආරක්ෂා කළ කෙනෙකි. (අනෙක් අය අනෙක් ශික්ෂාපද රකින) ඔහු අනෙක් අය රකින ශික්ෂා පදවලට වඩා තමන් රකින ශික්ෂාපදය වැඩියැයි උසයැයි සිතුවේය. එක් දිනක් මම ඉතා දුෂ්කරවු දෙයක් කරමියි. දුෂ්කර දෙයක් ආරක්ෂා කරමියි විවාදකර බුදුන් වෙත ගොස් වැඳ මේ කරුණ පැවසුහ. බුදුහු ඔවුන්ගේ කථාව අසා එක් ශීලයක් කණිෂ්ඨය, එකක් ජ්‍යෙෂ්ඨය නොකියා පන්සිල්ම රැකිය යුතුය එය දුෂ්කරයයි කියා මේ ගාථාව වදාළහ.
සතුන් පණ නැසුම ද අනුන් දේ සොරසිතින් ගැනුමද
පර අඹුවන් සෙවුම - අනුන් නැසුමට බොරු දෙසීමද?
මත් පැන් පානය ද - පස් පව් එක සමානයි.
මේ පව් කරන්නා - මෙලොව දනයෙන් පිරිහී
පරලොව ගියත් ඔහු - පැසෙයි කප් සිය ගණන් නිරයේ
"සොපාණමතිපාතෙ" යනු මුසාවාදඤ්ච භාසති යමෙක් ප්‍රාණඝාතය කරයි ද - බොරුබස් කියයි ද නොදුන්දේ ගනු ද පරඹුවන් සේවය කරයි ද රහමෙර පානය කිරිමේ යෙදේද මෙලොව දී මෙන්ම පරලොවදී ද තම මුල් සිඳගනි. පුරුෂය මෙය දැනගන්න. අසඤ්ඤතවු පාප ධර්මය දනීද මේ ලෝභය හා අධර්මය බොහෝ කලක් දුක් රඳවන්නේය.
එහි පාණ අතිපාතෙ - යනු යම් කෙනෙක් සියතින් මැරීම ආදි ප්‍රයෝග හයෙන් අන් අයගේ ජිවිතින්ද්‍රිය සිඳියි ද මුසාවාදං යනු අන් අයගේ ආත්මය සිඳින බොරුබස් කියයි ද ලොකෙඅදින්නතං ආදියති මේ සත්ව ලෝකයේ උමං කැණීමාදියෙනී, හොරමිනුම් වලින් කිරීම් -
ආදී එක් අවහාරයෙන් අන්අය සතුදේ ගනීද? පරදාරං ව ගච්ඡති අන් අයවිසින් රක්‍ෂිත පෝෂිත කාන්තාවන් කෙරෙහි වැරදි ලෙස හැසිරේද? සුරාමෙරයපානං යමෙකු සුරාවෙන්ම මල් ආදියෙන් පෙරන සුරාව පානය කිරිමේ යෙදේ ද සේවනය කෙරේ ද බහුලව කරයි ද එම පුද්ගලයා මෙලොවදීම යම් කෙත් වතුපිටි දියුණුව සඳහා වෙන්කළ මුදලක් වෙයිද එම මුදල් ද නොතබා සුරා පානය කරයි ද ඔහු මුල් සිඳ අනාථවු - කෘපණ වු සිඟන බවට පත්ව හැසිරේ එවමහා මෙලෙස පවුකරන පුද්ගලයාට අමතයි. පාපධම්මාති - ළාමක ධර්ම අසඤ්ඤතා කායික සංවරය නැති අචෙතසා චෙතනාගා නැතිවද නොසිතන්නෝ නම් වෙති. ලොභො අධම්මො ලොභ දොස යන දෙකම අකුශල මුල්ය චිරං දුක්ඛා රන්ධයං බොහෝ කාලයක් අපාය ආදී දුක් ගෙන දීමට රැඳේ හේතුවේ යන අර්ථයි. දේශනය අවසන පන්සියයක් උපාසකවරු සෝවාන් ඵලයේ පිහිටියහ. පැමිණි අයට දේශනාව සාර්ථක විය.