16-7 පන්සියයක් දරුවන්ගේ කථා පුවත

සීලදස්සනසම්පන්නං ධම්මට්ඨං සච්චවෙදිනං

අත්තනො කම්ම කුබ්බානං තං ජනො කුරුතෙ පියං.

සිවු පිරිසිදු ශීලයෙන් ද මාර්‍ගඵල සම්ප්‍රයුක්ත සම්‍යග්දෘෂ්ටියෙන් ද යුක්ත වූ ලොවුතුරා දහම් හි පිහිටි සිවුසස් දත්තාවූ, (තුන් සික පිරීම වූ) තමාගේ කාර්‍ය්‍යය කරණ ඒ රහත්හු ලොවී මහජන තෙම ප්‍රිය කරන්නේ ය.

"සීල දස්සන සමපන්නං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටිය දී අතරමග පන්සියයක් දරුවන් නිමිති කරගෙන දේශනා කළහ.

එක් දිනක් බුදුරජාණන් වහන්සේ අසූමහා තෙරවරුන් සමග භික්ෂූන් පන්සියයක් පිරිවරකොට ගෙන රජගහනුවර පිඬුපිණිස පිවිසුනේ එක් උත්සව දිනෙක පන්සියයක් දරුවන් කැවුම් කූඩ උස්සාගෙන නුවරින් නික්ම උයනට යන්නෝ දුටුවාහුය. ඔවුන් ද බුදුන් දැක වැඳ ගියාහුය. එකම භික්ෂුවකට ද කැවුමක් ගන්නැයි නොකිවාහුය. ඔවුන් පිටත්ව ගිය පසු බුදුහු භික්ෂූන්ට පැවසුහ. මහණෙනි කැවුම් වළඳන්නැයි පැවසුහ. ස්වාමීනි කැවුම් කොහිද? ඇයි දරුවන් කැවුම් කූඩ ඔසවාගෙන ගියා නොදැක්කාහුද? ස්වාමීනි මෙබඳු දරුවෝ කාට හෝ කැවුම් දෙති. මහණෙනි! මට හෝ ඔබට හෝ කිසිවෙකුට කැවුම් දීමට ආරාධනා නොකළහ. කැවුම් අයිතිකරුවෝ භික්ෂූන් පසුපසින් පැමිණෙන්නේ කැවුම් වළදාම යාම වටී බුදුවරුන් තුළ එක් පුද්ගලයෙකුට ද ඊර්ෂ්‍යාවක් හෝ ද්වේශයක් හෝ නැත. මෙලෙස පවසා භික්ෂූන් සමග එක් ගසක් මුල සෙවනේ වාඩිවුහ. මහාකාශ්‍යප තෙරුන් පසුපසින් වඩිනු දැක දරුවන් සෙනෙහස උපදවා ප්‍රීති වේශයෙන් පිරිපුන් ශරිර ඇතිව වට්ටි පහත් කොට තෙරුන්ට පසඟ පිහිටුවා වැඳ කැවුම් සමගම වට්ටි වැසුම් හැර ස්වාමීනි ගන්නැයි වැන්දාහුය අනතුරුව තෙරුන් ඔවුන්ට අර ගසක් මුල භික්ෂූන් සමග තථාගතයන් වහන්සේ වැඩසිටිති. තෙපි දියයුතු ද රැගෙන ගොස් භික්ෂු සංඝයාට පිළිගන්වන්නැයි පැවසුහ. ස්වමීනි යහපතැයි කියා තෙරුන් සමගම ගොස් කැවුම් පිළිගන්වා බලාසිට වළදා අවසානයේ ජලය දුන්නාහුය. භික්ෂූන් වඩනැගුහ. දරුවන් විසින් මුහුණ බලා භික්‍ෂාවක් දෙන ලදී. සම්මා සම්බුදුන් හෝ මහතෙරුන් හෝ කැවුම් දෙන්නදැයි නොවිමසා මහා කාශ්‍යප තෙරුන් දැක පැස සමගම ගෙනගොස් ගියෝ යැයි පැවසුහ. බුදුහු ඔවුන්ගේ හඬ අසා මහණෙනි මගේ පුත් මහා කාශ්‍යප සමාන භික්ෂුවක් දෙව් මිනිසුන්ට ද ප්‍රිය වේ. ඔවුහු තෙරුන්ට සිව්පසයෙන්ම පුජා කරතියි පවසා මේ ගාථාව පැවසුහ.

සිව් සස් දහම් දැන පිරිසිදු සිල් රකින

තම සේව නිසි පරිදිම ඉටු කරන

සංවර ගතිය පිරිපුන් දනමන වඩන

"මහණම” තමයි කවදත් මහජන සරණ

එහි සීලදස්සන සම්පන්නං - යනු චතුපාරිශුද්ධි සීලයෙන් හා මග්ගඵලයන්ගෙන් යුත් - සම්‍යග් දර්ශනයෙන් යුත් - ධම්මට්ඨ - නම් නවලෝකෝත්තර ධර්මයේ පිහිටි අවබෝධ කරගත් ලෝකෝත්තර ධර්ම ඇති. යන අරුතයි. සච්චවෙදිනං - යනු චතුරාර්ය සත්‍ය සොළොස් ආකාරයෙන් අවබෝධ කරගත් සත්‍ය ඤාණයෙන් දැනගත් අත්තනො කම්ම කුබ්බානං - යනු තමන්ගේ කර්ම නම් ත්‍රිශික්ෂාවන් පුරණ යන අරුතයි. තංජනො යනු ඒ පුද්ගලයායි. ලෞකික මහජනයා ප්‍රියකරයි යනු දකිනු කැමැත්ත. වඳින කැමැත්ත. ප්‍රත්‍ය සිවුපසය පිදීමට කැමැත්ත වේ යන අරුතයි.

මේ දේශනය කෙළවර ඒ සියලු දරුවෝ සෝතාපත්ති ඵලයෙහි පිහිටියහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.