එකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනො
විතිණ්ණපරලොකස්ස නත්‍ථි පාපං අකාරියං.
එක ම වාක්සත්‍ය ධර්‍මය ඉක්ම ගිය, බොරු බොහෝ කොට කියන සුලු වූ, (දෙව් මිනිස් සැපට ද නිවන් සැපට ද හිමි නො වන බැවින්) හරණ ලද පර ලොව ඇති; සත්ත්‍වයා විසින් නොකට හැකි අකුසලෙක් නම් නැත.
"එකං ධම්මං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී චිඤ්ච මානවිකාව නිමිති කරගෙන දේශනා කළහ.
ප්‍රථම බෝධියේ දීම දශබලධාරීන් වහන්සේට ඇති වූ පෘථුල ශ්‍රාවක පිරිස නිසාද ආර්ය භූමියට පත් දෙව් මිනිසුන් නිසාද, ඇති වු මුනිගුණ සමුදාය නිසාද, ගුණ කීර්තනය නිසාද මහත් ලාභ සත්කාර උපන්හ. තීර්ථකයෝ සුර්යයා පායන විට කලාමැදිරියන් සේ වූහ. ලාභසත්කාර නැති ව තීර්ථකයෝ වීථිය මැද වාඩිගෙන කිම භවත් ගෞතමයන් පමණක්ද බුද්ධ වුයේ අපිදු බුදුන් වෙමු. එනිසා ඔහුට පමණක් නොව අපට දුන් දෙයද මහත්පල වන්නේය. අපට ද දන් දෙන්න. අපට ද සත්කාර කරන්න. යනුවෙන් මිනිසුන් දැනුවත් කළද ලාභ සත්කාර නොලැබ රහස් තැනක එක් රැස්වී කවර උපායකින් භවත් ගෞතමයන්ට මිනිසුන් අතර අපහාසයක් කර අපකීර්තියක් ඇතිකර ලැබෙන ලාභ සත්කාර නැති කරවයි නිගමනය කළහ.
ඔවුහු මෙය උපායකැයි පිළිගත්හ. එකල සැවැත් නුවර චිඤ්චා නම් වූ පරිබ්‍රාජක රූමත් දෙවඟනකට සමානවු මෙනෙවියක් සිටියාය. ඇගේ සිරුරින් රශ්මිය විහිදේ අනතුරුව රළුවූ ස්වභාව ඇති එකෙක් චිඤ්චා මානවිකාව නිමිති කරගෙන භවත් ගෞතමයන්ට අවමන් කොට ලාභ නසා දමමුයි කතිකා කරගන්න. මෙය අර්ථවත් උපායකැයි ඔහු කල් පවා කළහ. මේ වනවිට ඇය තීර්ථකාරාමයට ගොස් වැඳසිටියාය. තීර්ථකයෝ ඇය සමග කථානොකළහ. ඕ තොමෝ මගේ කිසියම් දෝෂයක් වරදක් ඇත්දැයි සිතා ආර්යන් වහන්ස තුන්වරක් වැන්දාය. ඇය හා කථා නොකළහ. ආර්යන් වහන්ස මගේ කවර වරදක්ද ඇයි මා හා කථා කරන්නේ නැත්තේ මෙලෙසින් ප්‍රශ්න කළ විට පිළිතුරු දෙමින් සොහොයුරිය ශ්‍රමණ ගෞතමයන් අපව පෙළෙමින් ලාභසත්කාර නැතිකරමින් හැසිරෙන අයුරු නොදන්නේද? නොදනිමි ආර්යයන් වහන්ස, අප විසින් කුමක් කරමුද? ඉදින් නැගණිය අපට සැප කැමතීනම් ඔබ නිසා ගෞතමයන්ට අපකීර්තියක් උපදවා ලාභ සත්කාර වසා දමන්න. හොඳයි ආර්යයන් මට එහි වගකීම භාරයි. ඒ ගැන නොසිතන්නැයි කියා ගොස් ස්ත්‍රීහු මායම් පෑමට දක්‍ෂ නිසා එදින සිට සැවැත් නුවරවාසීන් ධර්ම කථා අසා දෙමින් නික්ම යන අවස්ථාවේ දී රතිඳුගොව්වන්ගේ පාටින් සළුවක් පොරවා ගෙන සුවඳ වර්ග මල් ආදිය ගත් අතින් දෙව්රම් වෙහෙර දෙසට යන්නීය. මේ වෙලාවේ කොහේ යන්නේදැයි ප්‍රශ්න කළ විට ඔබලාට මොකද? මම යන තැනින් වැඩක් තිබේයි කියා දෙව්රම අසල තීර්ථක ආරාමයක සිට අළුයම උතුම් වූ වන්දනාව වඳිනෙමුයි නාගරිකයෝ දෙව්රමට යන අවස්ථාවේදී උපාසක ජනයාට දෙව්රම ඇතුළේ සිට එන්නියක ලෙසට අඟවා නගරයට ඇතුළුවෙයි. කොහි සිටියේදැයි විමසු විට මම සිටි තැන් නුඹලාට මොකටදැයි කියා මාස එක හමාරක් පමණ ගිය විට එසේ අසන අයට මම දෙව්රම ගන්ධ කුටියේ බුදු එකට සිටියෙමියි පවසයි. පුහුදුන් අයට මෙය ඇත්තක්ද? නැත්දැයි සැකයක් ඇති කරවීය.
තෙමසක් සිවුමසක් ගතවුවිට රෙදිවලින් බඩ ඔතා ගැබිණියකගේ ස්වරූපය දක්වමින් උඩින් රතුපාටක් පෙරවාගෙන ගෞතමයන් නිසා දරුගැබක් ඇතිවි යයි. අඳබාලයන් ග්‍රහණය කරගෙන අට මසක් නව මසක් ගතවූවිට උදරයේ දර මිටියක් බැඳ ඒ මත තවත් සළුවක් පෙරවාගෙන අත් පා පිට ගොන් හත්තකින් තලා උඩට නෙරා ඇති ලෙසට දක්වා උඩින් සළුවක් පෙරවාගෙන ක්ලාන්ත වූ රූපයක් පෙන්වමින් සවස් යාමයේ තථාගතයන් වහන්සේ අලංකාර ධර්මාසනයේ වැඩහිඳ ධර්මය දේශනා කරමින් සිටින අතර ධම්සභා මණ්ඩපයට ගොස් බුදුන් ඉදිරියේ සිට මහා ශ්‍රමණය මහජනයාට ඔබ ධර්මය පමණක් දේශනා කරයි. ඔබේ හඩ බොහෝ මිහිරිය, මැනවින් දත් පිහිටා තිබේ. මම ඔබනිසා දරුගැබක් පිහිටා දැන් එය මෝරා ඇත. ඇයි මට තිඹිරිගෙයක් නොදනීද? කොසොල් රජු හෝ, අනේපිඩු සිටු හෝ විශාඛා උපාසිකාව හෝ කැඳවා, මේ කාන්තාවට අවශ්‍ය කටයුතු කාර්යයන් ඉටුකරන ලෙස කියයි, ගැබ් පෙරහැර සකස් කරන ලෙස කියන්නයි, තෙල් ගිතෙල් ආදි ගැබ් පෙළහරට අවශ්‍ය දේ නොදනීද? මේ ලෙස අසුරු පිඬක් ගෙන සඳමඩල නැති කරනලෙසට උත්සහ කරන්නියක සේ පිරිස මැද බුදුරජාණන් වහන්සේට අපහාස කළාය.
බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනය නවතා සිංහයෙකු ලෙසට හඩනගමින් නැගණිය, ඔබ කීදෙහි සත්‍යය බව හෝ බොරු බව මමත් ඔබත් පමණක් දනිමු යනුවෙන් පැවසුහ. එසේය මහා ශ්‍රමණය ඔබ හා මම පමණක් දන්නා බව කවරෙක් නො දනීද? මේ අවස්ථාවේදී සක්දෙවිඳුගේ අසුන උණුවිය. ඔහු විමසා බලන්නේ චිඤ්චා බුදුන්ට අභූත චෝදනා කරන්නේ යයි දැන මෙය පිරිසිදු කරමියි දෙතුන් හතර දෙනෙක් සමග පැමිණියේය. දෙතුන් සිව්දෙන මී පැටවුන් සිව් දෙනෙකු වී දර මිටිය බැදී රැහැනත් සමග එකවරම කපාදැමුහ. පෙරවාසිටි සළුව සුළගින් එසවුනි. ලිහුණු දරමිටිය ඇගේ පාපිට පතිත විය. පා දෙකේම ඇඟිලි කැඩුනි. මිනිස්සු නින්දිත කාලකන්ණිය බුදුන්ට අපහාස කරන්නේයැයි හිසට කෙළගසා ගල් දඬු ආදියෙන් පහර දී දෙමින් නෙරපා හැරූහ. ඉක්බිති බුදුන්ගේ ඇහමුවෙන් ඉවත් වී යන විට මහපොළව විවර වී අවීචියෙන් ගිනි දළු මතුවී දැඩි කම්බලයක් පෙරවන්නා සේ ගිනිදළු වලින් වෙලී අවිචියේ උපත ලැබීය.
අන්‍ය තීර්ථකයන්ගේ ලාභ සත්කාර පිරිහුනි. බුදුරජාණන් වහන්සේට ලාභ වැඩි විය. දෙවන දින දසභාවේදී කථාවක් උපති. ඇවැත්නි චිඤ්චා මානවිකාව මෙලෙස උදාරගුණ ඇති අග දක්‍ෂිණාර්ථ වූ සම්මා සම්බුදුන්ට අමූලික වු බොරුවෙන් අපහාස නින්දා කර මහා විනාශයකට පත්වූවාය. මෙලෙස කථා කරමින් සිටියදී තථාගතයන් වහන්සේ පැමිණ මා පැමිණිමට පෙර කිනම් කථාවකින් යුතුව සිටියාහුදැයි විමසුහ. මේ සිදුවීමයයි පැවසු විට මහණෙනි මැය දැන් පමණක් නොව පෙරද මට අභූත චෝදනා වෙන් අපහාසකර විනාශයට පත්වූවායි පවසා මේ ගාථාව පැවසුහ. රජු අන් අය පිළිබඳ ලොකු කුඩා කවර දොෂයක් හෝ හැම අයුරින් නොදැක නො විමසා තමා මැ පරීක්ෂා නොකර දඩුවම් නො පමුණුවන්නේය.
මේ දොළොස් වැනි නිපාතයේ දී මහපදුම ජාතකය විස්තර කර දේශනා කළහ. එකල මේ චිඤ්චා බෝධිසත්ව මහා පදුම කුමාරයා ගේ පියාගේ දෙවැනි බිරිඳ හා අගමෙහෙසිය වී බෝසතුන්ට අසද්ධර්මයෙන් ආරාධනාකර ඔහුගේ සිත් එකගකරවා ගැනීමට නොහැකිව තමන් තමන්ටම විනාශයක් කර ගිලන්වූ බව පෙන්වා ඔබේ පුතා මම අකමැතිව මේ විපතට හෙලී යයි (බොරුගොතා) රජුට දැන්වුවාය. රජු කිපී මහසත් චෝර පබ්බතයෙන් හෙලීය.
පර්වත කුහරයක වැසි දෙවියෙක් පිළිගෙන නා රාජයාගේ පෙන මතුවේ තැබීය නා ඔහු නා ලොවට ගෙන ගොස් රාජ්‍යයෙන් අඩක් දී පිදීය. ඔහු නා ලොව වසරක් වාසයකර පැවිදි වෙනු කැමතිව හිමාල ප්‍රදේශයට ගොස් පැවිදිවී ධ්‍යාන අභිඥා ඇතිකර ගත්තේය. අනතුරුව එක් වනචර පුද්ගලයෙක් ඔහු දැක රජුට ඒ පිළිබඳව දැන්වීය. රජු ඔහු වෙත ගොස් පිළිසඳර කථාකොට සියලු ප්‍රවෘත්තිය දැනගෙන බෝධිසත්ත්වයන්ට රාජ්‍යය බාරගන්නට නියම කළේය. එහි දී බෝසත් පුතණුවන් මට රාජ්‍යයෙන් වැඩ නැත. නුඹ දසරාජ ධර්මයන් අවුනොකර අගති ගමනය අත්හැර ධර්මයෙන් රාජ්‍යය කරන්නැයි අවවාද දුන්පසුව රජු අසුනෙන් නැගිට වඩා වැළපී නුවරට යන්නේ අතර මගදී ඇමතියන්ගෙන් විමසුවේය. මම කවුරු නිසා මෙබඳු ආචාර සම්පන්නයාගෙන් වියෝගයට පත්වුවේ දැයි දේවයන් වහන්ස ඔබතුමාගේ අගබිසව නිසාය. රජු ඇය හිස යටට සිටින සේ දෙපසින් අල්ලා චෝර පබතයෙන් හෙලා නුවරට පිවිස ධර්මයෙන් රාජ්‍යය කළේය. එදා මහාපදුම කුමරු බෝසතුන් විය. සපත්නී මව (කුඩම්මා) චිඤ්චි මානවිකා වුවාය. බුදුහු මේ එකම අර්ථය ප්‍රකාශ කොට මහණෙනි එකම ධර්මය වන සත්‍යය අත්හැර බොරු කියන්නන් පරලොව නසාගෙන නොකළහැකි කිසිදු පාපකර්මයක් නම් නැතැයි මේ ගාථාව දේශනා කළහ.
පරලොවක් නොසිතා
ඇත්ත සගවන
බොරුම කියනා මහ දනන්හට
නොකළ හැකි වෙන
පව්කමක් නැත.
"එකම වාක් සත්‍යය ධර්මය ඉක්මවා බොරු කියන, හරණ ලද පරලෝඇති සත්වයා විසින් කළ නොහැකි වූ පාපයක් නැත.
එහි දී එකං ධම්මං - යනු සත්‍යයයි. මුසාවාදිස්ස යනු යමෙකුගේ වචන දහයක එකම සත්‍යයක් නැත්ද මෙබඳු බොරු කියන්නා විතිණ්ණපරලො කස්ස අත්හරණ ලද පරලොව ඇති එනම් මනුෂ්‍ය සම්පත්තිය - දෙලොව අවසානයේ නිබ්බාණ සම්පත්තිය යන සම්පත් තුනම නොලබයි. මෙබඳු බරපතල වෙනත් පවක් නැත.