යස්ස අච්චන්තදුස්සීල්‍යං මාලුවා සාලමිවොතතං
කරොති සො තථත්තානං යථා නං ඉච්ඡතී දිසො.
යමක්හුගේ ඒකාන්ත දුශ්ශීලභාවය, සල්රුකක් වැලැඳ ගෙන සිටි මාලුවා වැලක් මෙන්, ඒ දුග්ශීලයා වැලැඳ ගෙණ සිටියේ වේ ද, එක්තරා එකක්හුගේ සතුරෙක් ඒ තමාගේ සතුරාට යම්සේ අනර්‍ත්‍ථයක් කොට පියනු කැමැති වේ ද, ඒ දුශ්ශීල පුද්ගල ද තමහට එසේ ම අනර්‍ත්‍ථ කරන්නේ ය.
"යස්ස අව්චන්ත දුස්සීල්‍යන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටියදී දෙව්දත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එක් දිනක් භික්ෂූන් වහන්සේලා ධර්ම සභාවේදී දෙව්දත් තෙරුන් පිළිබඳව කථාවක් ඇති කළහ. ඇවැත්නි දෙව්දත් තෙර පව් කරන්නෙකි දුසිල් කරන වඩන ලද තණ්හාවෙන් අජාසත් රජු සතුටු කරගෙන මහත් ලාභ සත්කාර උපදවාගෙන අජාසත්ගේ පියාට වධ පමුණුවා ඔහු සමග එකතු වි නොයෙක් ආකාරයෙන් තථාගතයන් වහන්සේට වධ කරයි. මෙසේ කථාකරමින් සිටින අතර තථාගතයන් වහන්සේ පැමිණ මහණෙනි. ඔබ කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා දෙව්දත් තෙරුන් පිළිබඳව බව දැනගත්විට මෙසේ පැවසුහ.
මහණනි දෙව්දත් තෙර දැන් පමණක් නොව පෙරද නොයෙක් ආකාරයෙන් මට වධ පැමිණ වී යයි පවසා කුරුග මිග ජාතක ආදිය දේශනාකර, අනන්ත දුසිල් පුද්ගලයා, දුසිල්වත් කම නිසා ඇතිවු තණ්හාව නිසා සල් රුකක් වැළද සිටි මාළුවා වැල සල් රුක නසන්නා සේ මරණින් මතු වැඩී බැදී නිරය ආදීන්හි වැඩෙයි. පවසා මම ගාථාව දේශනා කළහ.
මාළුව වැළක් එතුනොත් සල් ගසක බැඳී
සල් ගස මැරී යයි එහි අතු රිකිලි සිඳී
නො පුරා වත් සිරිත්, අකුසල් වලම යෙදී
නිවසන මහණ හට සිව් මහ නිරය මදී
මෙහි - ඒකාන්ත දුස්ශීලභාවය ගිහියෙක් හෝ පැවිද්දෙක් උපන් තැන සිට දශ අකුශල කර්මපථයන් සිදුකොට, උපසම්පද වු දින සිට ගරුකාපත්ති ආදීන්ට පත්වීම අත්‍යන්ත දුස්සීල නම් වේ. මෙහිදී ඔහු ආත්මභාව දෙක තුනකදී ගතියෙන් පැමිණි දුසිල්බව අදහස් කෙරෙයි. දුස්සීලයාගේ දොරටු හයෙන් උපන් තෘෂ්ණාව දුසිල්බව ලෙස තේරුම් ගත යුතුය. මාළුවා සාලමිවොත්තං - සල් ගසක් වැළඳ ගෙන සිටින මාළුවා වැලක් මෙන්, දුස්ශීලභාවය ඔහු වැළද ගෙන සිටියේ සතුරෙක් සතුරාට අනර්ථ කරණු කැමති වේද, ඒ දුශ්ශීල තෙමේ තථා අත්තා නං කරොති - තමන්ටම අනර්ථ කරගනී.
සල් රුකක මාලුවා වැලක් එතුන විට වැසී කාලයේ දී, ගොටු සේ උඩ බලාගත් මාලුවා පත්වල වතුර පිරි ඒ දිය බරින් සල් රුක විනාශ වේ. පුද්ගලයා වැළද සිටින දුස්ශීලභාවය ද ඒ පුද්ගලයා විනාශ කරයි.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝතාපත්ති ඵලාදියට පැමිණියහ.