“යෙ ච තෙ සත්තා කම්මාවරණෙන වා සමන්තාගතා කිලෙසාවරණෙන වා සමන්තාගතා විපාකාවරණෙන වා සමන්තාගතා අස්සද්ධා අච්ඡන්‍දිකා දූප්පඤ්ඤා අහබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං” ‘යම් සත්ත්‍ව කෙනෙක් කර්‍මාචරණයෙන් හෝ ක්ලේශාවරණයෙන් හෝ විපාකාවරණයෙන් කුශල ධර්‍මයන්හි නියාමය යි සම්මත වූ සම්‍යක් භාවය යි සම්මත වූ ආර්‍ය්‍ය මාර්‍ගයට පැමිණෙන්නට අභව්‍යයෝ ද, මෙසේ කියන ලද්දවුන් අතුරෙන් එකකුට වත් එක කසිණයෙක හෝ භාවනාව සමෘද්ධ නොවේ. එහි,
කර්‍මාවරණයෙන් යුක්තයෝ නම් ආනන්තරිය කර්‍ම කළෝ ය.
කේලශාවරණයෙන් යුක්තයෝ නම් නියත මිථ්‍යාදෘෂ්ටිකයන් හා උභතෝඛ්‍යඤ්ජනක පණ්ඩකයෝ ය.
විපාකාවරණයෙන් යුක්තයෝ නම් අහේතුක ද්විහේතුක ප්‍රතිසන්‍ධිකයෝ ය. ශ්‍රද්ධා නැත්තෝ නම් බුද්ධාදීන් කෙරෙහි ශ්‍රද්ධා විරහිතයෝ ය.
ඡන්‍ද නැත්තෝ නම් මාර්‍ගානුලොම ප්‍රතිපත්තියෙහි කත්තු කම්‍යතාඡන්‍ද නැත්තෝ ය.
ප්‍රඥා රහිතයෝ නම් ලෞකික ලෝකෝත්තර සම්‍යක්දෘෂටි විරහිතයෝ ය.
මොවුන් අභව්‍ය වනුයේ කසිණයෙහි පමණක් නොවේ. සෙසු කර්‍මස්ථානයන්හි දු අභව්‍ය වෙති. මොවුන් අතුරෙන් එකකුටවත් භාවනා සමෘද්ධ නොවේ.
එබැවින් විපාකාචරණයෙන් විගත වූ හෙවත් ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධියෙන් ජනිත කුල දරුවා විසින් කර්‍මාවරණ හා කේලශාවරණ දුරින් දුරු කොටැ සද්‍ධර්‍ම ශ්‍රවණය සත්පුරුෂෝපනිඃශ්‍රයාදියෙන් ශ්‍රද්ධාව හා ඡන්‍දය හා ප්‍රඥාව හා වඩා කර්‍මස්ථානයන්හි නැවත නැවත යෙදිය යුතු යි.
සජ්ජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධිමාර්‍ගයෙහි
සමාධි භාවනාධිකාරයට ඇතුළත් සෙසු කසිණ නිර්‍දෙශ නම්
පස්වන පරිච්ඡේද යි.