6. සිත සතුටු කළ යුතු විට සතුටු කරන ආකාරය මෙසේ යි.
යම් විටෙක ඒ යෝගාවචරයාගේ සිත නුවණ මෙහෙයීමේ මඳ බැවින් හෝ ඒකාග්‍රතා සුඛය නො ලැබීමෙන් හෝ ආස්වාද රහිත වන්නේ ද, ඒ විට ඒ සිත අෂ්ට සංවේග වස්ත්‍ර මෙනෙහි කිරීමෙන් සංවේගයට පමුණුවා ගන්නේ ය. (“යම් වේලෙක ප්‍රඥා ප්‍රයෝග මඳ වේද එ වේලෙහි නො සකස් අහරක් පුරුෂයා හට රුචි නො එළවන්නාක් මෙන් භාවනා තොමෝ සිතට අභිරුචි නො එළවයි. එහෙයින් නිරාස්වාද වෙයි. යම් වේලෙක භාවනා තොමෝ මනා කොටැ විථි ප්‍රතිපන්න නො වන බැවින් මතු මතුයෙහි විශේෂාවහ නො වේ ද එ සමයෙහි ඒකාග්‍රතා සුඛයාගේ අලාභයෙන් චිත්තය නිරාස්වාද වෙයි” යනු පැරකුම් සන්න යි.)
අෂට සංවේග වස්තු නම් :- ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සතර හා අපාය දුක හා අතීත සංසාර මූලක දුක හා අනාගත සංසාර මූලක දුක වත්මනහි අහර සෙවුම් මූලක දුකයි එතෙකින් ද බුද්‍ධ-ධර්‍ම-සංඝ යන තෙරුවන් ගුණ සිහි කිරීමෙන් ද ඔහුගේ සිතට ප්‍රසාද උපදවන්නේ ය.
සිත සතුටු කළ යුතු විට සතුටු කරන ආකාරය යි.