3. සිතට නිග්‍රහ කළ යුතු කල නිග්‍රහ කරන්නේ කෙසේද? යම් කලෙක ඒ යෝගාවචරයාගේ සිත තරයේ පටන් ගත් වීර්‍ය්‍යත්‍වාදියෙන් නො සන්සුන් බවට පැමිණෙන්නේ වන්නේ ද, එකල ධම්මවිචයාදි සම්බොජ්ඣඞ්ග තුන නො වඩා පස්සද්ධි ආදී සම්බොජ්ඣඞ්ග තුන වඩන්නේ ය. වදාළේ මැ යි. භගවත් බුදුහු
“සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො මහන්තං අග්ගික්ඛන්‍ධ නිබ්බාපෙතුකාමො අස්ස සා තත්‍ථ සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්‍ය - පෙ - නව පංසුකෙන ඔකිරෙය්‍ය, භබ්බො නුඛො සො භික්ඛවෙ පුරිසො මහන්තං අග්ගික්ඛන්‍ධං නිබ්බා-පෙතුං ති? නො හෙතං ගන්තෙ. එවමෙව ඛො භික්ඛවෙ යස්මිං සමයෙ උද්ධතං චිත්තං හොත. අකාලො තස්මිං සමයෙ ධම්ම-විචය සම්බොජ්ඣංගස්ස භාවනාය, අකාලො විරිය - පෙ අකාලො පීතිසම්බොජ්ඣංගස්ස භාවනාය, තංකිස්ස හෙතු? උද්ධතං භික්ඛවෙ චිත්තං, තං එතෙහි ධම්මෙහි දුවූපසමං හොති. යස්මිං ච ඛො භික්ඛවෙ සමයෙ උද්ධතං චිත්තං හොති, කාලො තස්මිංසමයෙ පස්සද්ධිසම්බොජ්ඣංගස්ස භාවනාය කාලො තස්මිංසමයෙ පස්සද්ධිසම්බොජ්ඣංගස්ස භාවනාය, කාලො සමාධි -පෙ- කාලෙ උපෙක්ඛා සම්බොජ්ඣංගස්ස භාවනාය, තංකිස්සහෙතු? උද්ධතංභික්ඛවෙ චිත්තං ත එතෙහි ධම්මෙහි සුවුපසමං හොති, සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො මහන්තං අග්ගික්ඛන්‍ධං නිබ්බාපෙතු කාමො අස්ස. සො-තත්‍ථ අල්ලානි චෙව තිණානි පක්ඛිපෙය්‍ය පසුකෙන ච ඔකිරෙය්‍ය, භබ්බො නුඛොසො පුරිසො මහන්තං අග්ගික්ඛන්‍ධං නිබ්බාපෙතුන්ති? එවං භන්තෙ”[1] යි.
“මහණෙනි! මිනිසෙක් මහා ගිනිකඳක් නිවාලනු කැමැති වැ එහි වියලි තණ රොඩු දමන්නේ නම් වියලි ගොමවැරටි දමන්නේ නම් වියලි දර දමන්නේ නම් දියමුසු සුළං නො දෙන්නේ නම් පස් හෝ නො ඕනේ නම් ඒ මිනිසා මහා ගිනිකඳ නිවාලන්නට සමර්‍ථවේ ද නැත ස්වාමීනි, මහණෙනි! එමෙන් ම යම් කලෙක සිත නො සන්සුන් බවට පැමිණියේ ද එකල්හි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, පීති සම්බොජ්ඣඞ්ගය වඩන්නට කල් නො වන්නේ ය. කුමක් හෙයින් ද මහණෙනි! සිත නො සන්සුන්, නො සන්සුන් සිත මේ ධර්‍මයන්ගෙන් සන්සිඳුවා ගන්නට නො හැකි ය. මහණෙනි යම් කලෙක සිත නො සන්සුන් බවට පැමිණියේ ද එකල්හි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය, සමාධිසම්බොජ්ඣඞ්ගය, උපේක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩන්නට සුදුසු වන්නේ ය. කුමක් හෙයින් ද මහණෙනි! සිත නො සන්සුන. එය ඒ ධර්‍මයන්ගෙන් සන්සිඳුවා ගත හැක්කේ ය. මහණෙනි මහා ගිනිකඳ නිවියටියෛක් එහි අමු තෘණ දමන්නේ නම් අමු ගොම දමන්නේ නම් අමු දර දමන්නේ නම් දිය මුසු සුළං දෙන්නේ නම් පස් හෝ ඕනේ නම් ඒ මිනිසා ඒ ගිනිකඳ නිවාලන්නටට සමර්‍ථවේද එසේ ය ස්වාමීනි, යනු එහි අර්‍ථ යි.
මෙහි දු පස්සද්ධි සම්බොජ්ඣඞ්ගාදීන් ගේ වැඩීම ඔවුන් පිළිබඳ ආහාර (ප්‍රත්‍යය) වශයෙන් වන්නේ යයි දත යුතු. වදාළේ මැ යි.
“අත්‍ථි භික්ඛවෙ කායපස්සද්ධි - චිත්තපස්සද්ධි, තත්‍ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධි සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්තස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භිය්‍යො භාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති”[2] මහණෙනි, කායපස්සද්ධියෙක් ඇත්තේ ය. චිත්තපස්සද්ධියෙක් ඇත්තේ ය. ඒ කායපස්සද්ධි - චිත්තපස්සද්ධින්හි යොනිසො මනසිකාරය නූපන් පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මටට ද, උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩා ගැන්මට ද, මහත් බවට පමුණුවා ගැන්මට ද, සම්පූර්‍ණ කර ගැන්මට ද, පවත්නේ ය.
“අත්‍ථි භික්ඛවෙ සමථනිමිත්තං අව්‍යග්ගනිමිත්තං තත්‍ථං යොනිසො මනසිකාරබහුලිකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා සමාධි සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්තස්ස වා සමාධි සම්බොජ්ඣඞ්ගස්ස භිය්‍යො භාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති”[3] “මහණෙනි! උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගඨානීය ධර්‍ම ඇත්තේ ය. එහි යොනිසො මනසිකාරය බහුල කැරැ ගැන්ම නූපන් උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට ද, උපන් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩා ගැන්මට ද, විපුලත්‍වයට පමුණුවා ගැන්මට ද, සම්පූර්‍ණ කැරැ ගැන්මට ද, පවත්නේ ය.
මේ තුන් තන්හි මැ යොනිසෝ මනසිකාරය නම් යම් යම් ආකාරයකින් ඒ යෝගී හට පස්සද්ධි-සමාධි-උපෙක්ඛා උපන්නාහු ද, ඒ ඒ ආකාරය සලකා ඒ පස්සද්ධි ආදීන් උපදවා ගැනීම වශයෙන් පවත්වන ලද මනස්කාරය යි.
තව ද 1. ප්‍රණිතාහාර සෙවුනා බව, 2. සැප සෘතු සෙවුනා බව, 3. සැප ඉරියව් සෙවුනා බව, 4. සම වූ කාය - වාඞ්-මනඃ ප්‍රයෝග ඇති බව, 5. ක්ලේශ පරිදාහ ඇති නොසන්සුන් පුද්ගලනය් දුරු කරන බව, 6. ක්ලේශ පරිදා නැති සන්සුන් පුද්ගලයන් සෙව්නා බව, 7. පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයෙහි නැමී ගිය අදහස් ඇති බව යන සප්ත ධර්‍මයෝ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට කරුණු වන්නාහ. 1. අධ්‍යාත්මික බාහිර වස්තුන්ගේ විසද බව, 2. පඨවි කසිණාදි චිත්තකග්ගතා නිමිතීන්හි දක්‍ෂ බව, 3. සද්ධාදි ඉන්‍ද්‍රියයන් සමකර ගන්නා බව, 4. සුදුසු කාලයෙහි සිතට නිග්‍රහ කරන බව, 5. සුදුසු කාලයෙහි සිතට අනුබල දෙන බව, 6. භාවනාස්වාද රහිත සිත ශ්‍රද්ධා වශයෙන් සංවේග වශයෙන් සතුටු කරන බව, 7. ලීනුද්ධව්වාදි රහිත වැ සිත මනා වැ පවත්නා කල්හි එහි උපේක්‍ෂා කරන බව, 8. වික්‍ෂිප්ත පුද්ගලයන් දුරු කරන බව, 9. සමාහිත පුද්ගලයන් සෙවුනා බව, 10. ධ්‍යාන විමෝක්‍ෂ ප්‍රත්‍යවේක්‍ෂා කරන බව, 11. සමාධි සම්බොජ්ඣඞ්ගයෙහි නැමී ගිය අදහස් ඇති බව, යන එකොලොස් ධර්‍ම සමාධිසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට කරුණු වන්නේ ය.
1. ප්‍රිය අප්‍රිය සියලු සත්ත්‍වයන් කෙරෙහි මධ්‍යස්ථ බව, 2. චක්‍ෂුරාදියෙහි හා පාත්‍ර චීවරාදියෙහි මධ්‍යස්ථ බව, 3. ප්‍රිය අප්‍රිය සත්ත්‍වයන් කෙරෙහි හා චක්‍ෂූරාදි පාත්‍ර චීවරාදි සංස්කාර යන් කෙරෙහි මමත්‍වය කරන පුද්ගලයන් දුරු කරන බව, 4. සත්ත්‍වයන් කෙරෙහි හා සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථ පුද්ගලයන් සෙවුනා බව, 5. උපෙක්‍ෂා සම්බොධ්‍යාඞ්ගයෙහි නිම්න ප්‍රවණ බව යන මේ පඤ්ච ධර්‍මයෝ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට කරුණු වන්නේ ය.
මෙසේ මේ ආකාරයෙන් මේ ධර්‍ම උපදවා ගන්නේ පස්සද්‍ධිසම්බොජ්ඣඞ්ගාදිය උපදවා ගන්නේ නම් වේ.
සිතට නිග්‍රහ කළයුතු විට නිග්‍රහ කරන ආකාරය යි.