4. සිත උත්සාහ කළ යුතු කල දිරිමත් කරන්නේ කෙසේද
යම් විටෙක ඒ යෝගාවචරයාගේ සිත ඉතා ලිහිල් වැ ගිය වීර්‍ය්‍ය වීම් ආදියෙන් හැකිළී ගියේ ද එවිට පස්සද්ධි ආදි බොජ්ඣඞ්ග තුන වඩා ධම්මවිචයාදි බොජ්ඣඞ්ග තුන වැඩිය යුතු ය. වදාළේ මැ යි භගවත් බුදුහු විසින්-
“සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො පරිත්තං අග්ගිං උජ්ජා-ලෙතු කාමො අස්ස. සො තත්‍ථ අල්ලානි චෙව තිණානි පක්ඛි පෙය්‍ය, අල්ලානිචෙව ගොමයානි පක්ඛිපෙය්‍ය, අල්ලානිචෙව කප්ඨනි පක්ඛිපෙය්‍ය, උදකවාතං ච දදෙය්‍ය, සංසුකෙ න ච ඔකිරෙය්‍ය භබොහා නු ඛො සො භික්ඛවෙ පුරිසො තං පරිත්තං අග්ගිං උජ්ජාලෙතුං ති? නොහෙතං භන්තෙ එවමෙව ඛො භික්ඛවෙ යස්මිං සමයෙ ලිනං චිත්තං හොති අකාලො තස්මිං සමයො පස්සද්ධි සම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, අකාලො සමාධි - පෙ - අකාලො උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු? ලිනං භික්ඛවෙ චිත්තං, තං එතෙහි ධම්මෙගි දුස්සමුට්ඨාපයං හොති. යස්මිං ච ඛො භික්ඛවෙ සමයෙ ලිනං චිත්තං හොති කාලො තස්මිං සමයෙ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො විරියො - පෙ- කාලො පීති සම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, තං කිස්ස හෙතු? ලීනං භික්ඛවෙ චිත්තං තං එතෙහි ධම්මෙහි සුසමුට්ඨාපයං හොති. සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො පරිත්තං අග්ගිං උජ්ජාලෙතු කාමො අස්ස, සො තත්‍ථ සුක්ඛානි චෙව තණානි පක්ඛිපෙය්‍ය, සුක්ඛානි චෙව ගොමයානි පක්ඛිපෙය්‍ය, සුක්ඛානි චෙව කට්ඨානි පක්ඛිපෙය්‍ය, මුඛවාතං ච දදෙය්‍ය, න ච පංසුකෙන ඔකිරෙය්‍ය, භබෙගා නු ඛො සො භික්ඛවෙ පුරිසො තං පරිත්තං අග්ගිං උජ්ජාලෙතුං ති? එවං භන්තෙ”යි[1].
“මහණෙනි! මිනිසෙක් මඳ ගින්නක් දල්වා ගනු කැමැති වැ එහි අමු තණපත් දමන්නේ නම් අමු ගොම දමන්නේ නම් අමු දර දමන්නේ නම් දිය මුසු සුළං දෙන්නේ නම් පස් හෝ ඕනේ නම් ඒ පුරුෂයා තෙලේ ගිනි ඇබිත්ත දල්වා ගන්නට පොහොසත් වේද, නැත ස්වාමීනි, මහණෙනි! එමෙන් යම් කලෙක සිත හැකිළී ගියේ නම් එ කල පස්සද්ධී සම්බොජ්ඣඞ්ගය සමාධිසම්බොජ්ඣඞ්ගය උපේක්ඛා-සම්බොජ්ඣඞ්ගය වඩන්නට කල් නො වන්නේ ය. කුමක් හෙයින් ද මහණෙනි! සිත හැකිළී ගියේ ය. හැකිළී ගිය සිත මේ ධර්‍මයන්ගෙන් නඟාලිය නොහැක්කේ ය. මහණෙනි යම් විටෙක සිත හැකිළී ගියේ නම් එවිට ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරියසම්බොජ්ඣඞ්ගය, පීතිසම්බොජ්ඣඞ්ගය වඩන්නනට කල් වන්නේ ය. කුමක් හෙයින් ද, මහණෙනි! සිත හැකිළී ගියේ ය. හැකිළී ගිය සිත මේ ධර්‍මයන්ගෙන් නඟා සිටු විය හැක්කේ ය. මහණෙනි! පුරුෂයෙක් මඳ ගින්නක් දල්වා ගනු කැමැති වැ එහි වියලි තණ රොඩු දමන්නේ නම් වියලි ගොම වැරැටි දමන්නේ නම් වියලි දර කෑලි දමන්නේ නම් මුඛ වාතය දෙන්නේ නම් පස් හෝ නොබහන්නේ නම් ඒ පුරුෂයා ඒ ගිනි ඇබිත්ත දල්වා ගන්නට පොහොසත් වේ ද එසේ ය ස්වාමීනි! යනු එහි අර්‍ථයි.
මේ වනාහි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගාදීන්ගේ වැඩීම ඔවුන් පිළිබඳ ආහාර (ප්‍රත්‍යය) වශයෙන් වන්නේ යයි දත යුතු.
වදාළේ ම ය.
“අත්‍ථි භික්ඛවෙ කුසලා‘කුසලා ධම්මා. සාවජ්ජා‘නවජ්ජා ධම්මා. හිනප්පණිතා ධම්මා. කණ්හසුක්කයසප්පටි ගාගා ධම්මා. තත්‍ථ යොනිසොමනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣංගස්ස උප්පාදාය උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣංගස්ස භීයොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති”[2] යි.
“මහණෙනි; කුශල - අකුශල, සාවද්‍ය - අනවද්‍යා, භීන - ප්‍රණීත, කෘෂ්ණ-ශුක්ල, සප්‍රතිභාග ධර්‍ම විෂයයෙහි යෝනිසොමනසිකාරය බහුල කර ගැන්ම නූපන් ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට, උපන් ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩා ගැන්මට ආහාර (ප්‍රත්‍යය) වන්නේ ය” යනු එහි සංක්‍ෂිප්ත අදහස ය.
කුශලාදීන් විෂයෙහි යෝනිසොමනසිකාරය නම් කුශලාදීන් ගේ අනවද්‍යා සුඛ විපාකාදිය ස්පර්ශාදීන් ගේ ඵුසනාදිය යන ස්වභාව ලක්‍ෂණයාගේ ද, අනිත්‍යාදි සාමාන්‍ය ලක්‍ෂණයාගේ ද, ප්‍රතිවේධ වශයෙන් පැවැත් මනස්කාරය යි. (කුශලාදීන්ගේ ඒ ඒ ස්වභාව ලක්‍ෂණාදීන්ගේ තත්ත්‍වාවබෝධ වශයෙන් උපන් ජවන චිතේතාත්පාදම අවිපරීත මනස්කාර බැවින් යෝනිසො මනස්කාරය යි කියන ලදි.” යනු සන්නයි.)
“අත්‍ථි භික්ඛවෙ ආරම්භධාතු - නික්කමධාතු - පරක්කම ධාතු. තත්‍ථයොනිසොමනසිකාර බහුලිකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පතනස්සවා විරියසම්බොජ්ඣඞ්ගස්ස භීය්‍යොභාවය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති”[3] “මහණෙනි! ආරම්භධාතු - නාක්කමධාතු - පරක්කමධාතු විෂයයෙහි යොනිසො මනසිකාරය බහුල කර ගැන්ම නූපන් විරියසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට ද, උපන් විරියසම්බොජ්ඣඞ්ගය වඩා ගැන්මට ද ආහාර (ප්‍රත්‍යය) වන්නේ ය. මෙහි ආරම්භ ධාතු නම් ප්‍රථම වීර්‍ය්‍යය යි. (කුශල ක්‍රියාවෙහි මුල් ආරම්භ වශයෙන් පැවති වීර්‍ය්‍යය ධාතු ස්වභාව බැවින් ආරම්භ ධාතුය යි කී නියා යි) නික්කම ධාතු නම් කුශීත කමින් නික්මුණු බැවින් ආරම්භ ධාතුවට වඩා අතිශයෙන් බලවත් වීර්‍ය්‍යය යි. පරක්කම ධාතු නම් මතු මත්තට යන හෙයින් නික්කම ධාතුවට ද වඩා අතිශයින් බලවත් වූ වීර්‍ය්‍යය යි.
“අත්‍ථි භික්ඛවෙ පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්ම තත්‍ථ යොනිසොමනසිකාර බහුලිකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති”[4] “මහණෙනි! පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීය ධර්‍ම විෂයෙහි යෝනිසෝමනසිකාරය බහුල කැරැ ගැන්ම නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට ද, උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වඩා ගැන්මට ද ආහාර (ප්‍රත්‍යය) වන්නේ ය. පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධර්‍ම යන මේ ප්‍රිතියට ම නමෙකි. ඒ ප්‍රිත්‍යුත්පාදක මනස්කාර යෝනිසෝමනසිකාර යි.
තවද පරිපුච්ඡකතා, වත්‍ථුවියදකිරියතා, ඉන්‍ද්‍රියමත්තපටිපාදනා, දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනා, පඤ්ඤවන්නපුග්ගලසෙවනා, ගම්භීරඤාණ චරියපච්චවෙක්ඛණා, තදධිමුත්තතා යන සප්ත ධර්‍මයෝ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට කරුණු වෙති.
පරිපුච්ඡකතා නම් පස්මහ සඟි ඉගෙන ද ආචාර්‍ය්‍යයන් සේවනය කොටැ ඒ ඒ පාදයාගේ අර්‍ථ විචාරීම ය. අටුවා සහිත පස්මහ සඟි හෝ ඉගෙන ඒ ඒ තන්හි ගැටලු තැන් විචාරා ගැන්ම ය.
වත්‍ථුවියදකිරියතා නම් අධ්‍යාත්මික බාහිර වස්තු නිර්‍මල කැරැ ගැන්ම ය. ඌර්‍ධව විරේචන අධොවිරේචන දික් කෙහෙරැවුල්-නිය කැපීම ආදිය අධ්‍යාත්මික වස්තු නිර්‍මලකර ගැන්ම ය. හඳනා පොරෝනා සිවුරු සෝදා ගැනීම ආසන සකස්කර ගැනීම් ආදිය බාහර වස්තු නිර්‍මල කර ගැන්ම ය.
ඉන්‍ද්‍රියමත්තපටිපාදනා නම් ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියන් සමබවට පමුණුවා ගැන්ම ය.
දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනා නම් බත් දමන ලද කවුඩන් මෙන් මස් දමන ලද සුනඛයන් මෙන් මෝහයෙන් මුළා වූ සත්ත්‍වයන් දුරු කිරීම ය.
පඤ්ඤාවන්නපුග්ගලසෙවනා නම් ප්‍රඥාව පිණිස කෘතාධිකාර ඇති සත්‍ය-ප්‍රතීත්‍ය සමුත්පාදාදියෙන් දක්‍ෂ ආචාර්‍ය්‍යයන් හෝ විදර්‍ශනා භාවනා කරන ප්‍රාඥයන් හෝ කලින් කල සේවනය කිරීම ය.
ගම්භීර ඤාණචරිය පච්චවෙක්ඛාණා නම් ගැඹුරු තැනැත්තන් විසින් අවබෝධ කටයුතු ස්කන්‍ධ - ධාතු ආයතන ප්‍රතීත්‍ය සමුත්පාදාදිය ප්‍රකාශවන්නාවූ හෝ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත වූ හෝ සූත්‍රාන්තයන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම ය.
තදධිමුත්තතා නම් ඒ ධම්මවිචය සම්බොජ්ඣඞ්ග සංඛ්‍යාත ප්‍රඥායෙහි අදහස් ඇති බව ය. එඑහි නිම්න ප්‍රවණ බව ය.
1. අපායාදි භය ප්‍රත්‍යවේක්‍ෂාකන බව, 2. වීර්‍ය්‍යයට අයත් ලෞකික ලෝකෝත්තර විශේෂාධිගමයන්ගේ ආනිසංස දන්නා බව, 3. “බුදු-පසේබුදු-මහා ශ්‍රාවකයන් ගිය මඟ මා විසින් යා යුතු ය. කුසීත වැ ඒ මඟ යා හැකි නොවන්නේ ය”යි මෙසේ ගමන් මාර්‍ගය ප්‍රත්‍යවේක්ෂා කරන බව, 4. ප්‍රත්‍යය දෙන දායකයන්ගේ ඒ ප්‍රත්‍යය දානය මහත් ඵල කිරීමෙන් පිණ්ඩපාතයට බුහුමන් කරන බව, 5. “මාගේ ශාස්තෘන් වහන්සේ වීර්‍ය්‍යාරම්භ යෙහි ගුණ වර්‍ණනා කරන සේක. උන්වහන්සේ ඉක්මවා ලිය නො හැකි අනුශාසනා ඇති සේක. අපට බොහෝ උපකාර සේක. ප්‍රතිපත්ති පූජායෙන් පුදන්නේ ම උන්වහන්සේ පිදුයේ නම් වන්නේ ය. අන්‍යාකාරයකින් පිදුයේ නම් නො වන්නේ ය”යි මෙසේ ශාස්තෘන්වහන්සේ ගේ මමත්‍වය ප්‍රත්‍යවෙක්‍ෂා කරන බව, 6. උන්වහන්සේගෙන් සද්ධර්‍ම සංඛ්‍යාත මහා දායාදය මා විසින් ගත යුතු ය. එය කුසීත වැ ගත නො හැකි ය යි දායාද මහත්ත්‍වය ප්‍රත්‍යවේක්‍ෂා කරන බව, 7. ආලෝක සංඥාවව මෙනෙහි කිරීම ය, ඉරියව් මාරුකිරීම ය, අභ්‍යවකාශ සේවනය යනාදියෙන් ථීන - මිද්ධ දුරුකරන බව, 8. අලස වූ භාවනායෙහි නාම මාත්‍ර පවා නා දන්නා කායදඩ්ඪි බහුල වූ සෙය්‍යසුඛාදි යෙහි යෙදෙන-තිරිසන් කථායෙහි නිරත - පුද්ගලයන් දුරු කරන බව, 9. භාවනාරම්භ වශයෙන් ආරබ්ධ වූ ද්‍රෘඪ වීර්‍ය්‍ය ඇති පුද්ගලයන් කලින් කල සෙවුනා බව, 10. සතර වැදෑරුම් සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයාගේ ආනුභාව සිහි කරන බව, 11. ඒ වීර්‍ය්‍ය සමේබාධ්‍යඞ්ගයෙහි ඇම තන්හි නිම්න ප්‍රවණ බව යන මේ එකොළොස් ධර්‍මයෝ විරිය සමේභාධ්‍යඞ්ගය උපදවා ගැන්මට කාරණ වෙත්.
බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති, උපසමානුස්සති යන මේ සප්ත විධි භාවනා වැඩීම ය, බුද්ධාදීන් කෙරෙහි ප්‍රසාද ස්නෙහ රහිත පුද්ගලයන් දුරු කරන බව ය. බුද්ධාදීන් කෙරෙහි ප්‍රසාද ස්නේහ සහිත සිනිදු සිත් ඇති පුද්ගලයන් සෙවුනා බව ය, පසාදනීය සූත්‍රාදිය සිහිකරන බව ය. පීතිසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මෙහි නිම්න ප්‍රවණ බවය යන මේ එකොළොස් ධර්‍මයෝ පීතිසම්බොජ්ඣඞ්ගය උපදවා ගැන්මට කාරණා වෙති.
මෙසේ මේ ආකාරයෙන් මේ ධර්‍ම උපදවා ගන්නේ ධම්ම විචය සම්බොජ්ඣඞ්ගාදිය වඩන්නේ නම් වන්නේ ය.
සිතට ධෛර්‍ය්‍යය දියයුතු කල ධෛර්‍ය්‍ය දෙන ආකාරය යි.