මෝහචරිතයාට වනාහි අභ්‍යවකාශයට අභිමුඛ වූ සම්බාධ රහිත වූ යම් තැනෙකැ සිට බලන්නවුන්ට කිසිවකින් මුවහ නො වැ දිශා පැනෙත් ද එබඳු වූ සෙනසුන සප්පාය වන්නේ ය. ඉරියව් අතුරෙන් සප්පාය වන්නේ සක්මන් කිරීම ය. අරමුණු ද සුලු කුලු තරම්, සරාව තරම් කුඩා වී නම් නො වටනේ ය. සමබාධ අවකාශයෙහි සිත වඩාලාත් මුළාවට පැමිණෙ යි. එබැවින් කුලු සරාව තරමින් සතර පස් අඟලක් විශාල වැ කරන ලද මහත් වූ කසිණ මණ්ඩලය වටනේ ය. සෙස්ස ද්වේෂචරිතයාට කී බඳු යි.