දැකීමෙන්, ස්පර්‍ශකිරීමෙන්, ඇසීමෙන් යන ත්‍රිවිධාකාරයෙන් කමටහන් ගත යුතු වේ. එහි විනිශ්චය මෙසේ ය:- වායුකසිණය හැරැ සෙසු නව කසිණ ද, දස අසුභ ද, යන එකුන්විස්ස දැකීමෙන් හෙවත් ඇසින් දුටු වස්තු කරනකොටැ ගෙන මැ උද්ග්‍රහ නිමිති උපදවිය යුතු. පූර්‍වභාගයෙන් ඇසින් බල බලා ම ඔවුන්ගේ නිමිති ගත යුතු බව කී සේ යි.
කායගතාසති තචපඤ්චකය දැකීමෙන් ද, සෙස්ස ඇසීමෙන් ද ගත යුතු බැවින් එය දිට්ඨ - සුත වශයෙන් ගත යුත්තේ ය. ආනාපාණසතිය ස්පර්‍ශයෙන් ද, වායු කසිණය දැකීමෙන් හා ස්පර්‍ශකිරීමෙන් ද, සෙසු අටලොස ඇසීමෙන් ද ගත යුතු.
ආදිකාර්මිකයාට වනාහි උපේක්‍ෂා බ්‍රහ්මවිහාරයද, සතර ආරූප්‍ය ද නො ගත හැකි. යට තුන් බ්‍රහ්මවිහාරයට කිසුණෙහි රූපාවචර චතුර්‍ථධ්‍යානයට ද, නො පැමිණ නො ඉපද විය හැකි බැවිනි. සෙසු පන්තිස ගත හැකි යි.
මේ ග්‍රහණ වශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.