මේ සතලිස් කර්‍මස්ථාන අතුරෙන් දසකසිණ - දස අසුභ-ආනාපාණසති-කායගතාසති යන දෙවිස්ස ප්‍රතිභාග නිමිති අරමුණු කොටැ පවත්නේ ය. සෙසු අටළොස ප්‍රතිභාග නිමිති අරමුණු කොටැ නොපවත්නේ ය.
ආනාපාණසතිය හා කායගතාසතිය හැරැ සෙසු අනුස්සති අට ද, ආහාරයෙහි ප්‍රතිකුල සංඥා - චතුධාතු වවත්‍ථාන-විඤ්ඤාණඤ්චායතක - සේවසඤ්ඤානා-සඤ්ඤායතන යන සතර ද ස්වභාව ධර්‍ම අරමුණු කොටැ පවත්නේ ය.
දස කසිණ-දස අසුභ - ආනාපාණසති - කායගතාසති යන මේ දෙවිස්ස ප්‍රතිභාග නිමිති අරමුණු කොටැ පවත්නේ ය. සතර බ්‍රහ්මවිහාර-ආකාසානඤ්චායතන - විඤ්ඤාණඤ්චායතන යන මේ සය ප්‍රඥප්ති අරමුණු කොටැ පවත්නේ ය.
(විපුබ්බක-ලෝභිතක-පුළවක - ආනාපාණසති - ආපෝකසිණ තේජෝකසිණ-වායුකසිණ හා සූර්වයාදීන් ආලොක මණ්ඩල අරමුණු කොටැ ඇති ආලොක කසිණ යන මේ අට චලිතාරම්මණ අරමුණු කොටැ පවත්නේ ය භෙ ද ප්‍රතිභාග නිමිති උපදීමට පූර්‍ව භාගයෙහි ය. ප්‍රතිභාග නිමිති වනාහි අචලිත මැ යි. සෙස්ස අචලිත මැ අරමුණු කොටැ පවත්නේ ය. වෑහෙන සැරව ඇති බැවින් විපුබ්බකය ද, වෑහෙන ලේ ඇති බැවින් ලෝහිතකය ද, පණුවන් සැලෙන බැවින් පුළවකය ද, කවුළු සිදුරු ආදියෙන් ඇතුළු වූ සූර්‍ය්‍යලෝකාදිය සැලෙන බැවින් ආලෝකය ද චලිතය යි දත යුතු. සෙස්සන්ගේ චලිතත්‍වය ප්‍රකට මැ යි.)
මේ ආරම්මණවශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.