මේ කර්‍මස්ථාන සතලිස අතුරෙන් වැඩිය යුතු වන්නේ (පැතිර විය යුතු වන්නේ) දසකසිණ පමණෙකි. කුමක් හෙයින් ද යම් තාක් තැන් ඒ කසිණ පතුරවා ද ඒ තාක් තැන් ම දිව්‍යශ්‍රෝත්‍ර ධාතුයෙන් ශබ්ද අසන්නට ද, දිව්‍ය චක්‍ෂුසින් රූප දකින්නට ද, චේතොපරියඤාණයෙන් පර සත්ත්‍වයන්ගේ සිත් දැනගන්නට ද හැකි වන බැවිනි. (කසිණ නො පතළ තැන ඒ ශබ්ද ඇසීම් ආදිය කළ නො හැක.)
කායගතාසතිය හා අශුභ එසේ නො වැඩිය යුතු. (නො පැතිර විය යුතු යි සේයි) කුමක් හෙයින් ද කායගතාසතිය සභාග පරිච්ඡේද වශයෙන් ද, අශුභ හාත්පස පාෂාණ නිමිත්තා දින්ගේ වශයෙන් ද, පරිච්ඡේද කරන ලද බැවින් හා එසේ වැඩීමෙන් විශේෂ ආනිසංස නැති බැවින් ය. අසුභ පිළිබඳ පරිච්ජින්නාකාරය මතු අසුභ භාවනායයෙහි ප්‍රකාශ වන්නේ ය. කායගතාසති හා අශුභ වඩාත් හොත් වැඩෙන්නේ කුණපරාශි මැ ය. නොවැඩුව ද කාමරාග විෂ්කම්භනය වන බැවින් කිසි විශේෂ ආනිසංසයෙක් ද නැත. එහෙයින් සෝපාක ප්‍රශ්නයෙහි “විභූතා භගවා රූපසඤ්ඤා අවිභූතා අට්ඨිකසඤ්ඤා” ‘භාග්‍යවතුන් වහන්ස! රූපසංඥාව (මහත් වැ වඩන ලද ද අප්‍රමාණාලම්බනයෙහි පවත්නෙන්) විභූත ය - පරිව්‍යක්ත ය. අස්ථිසංඥාව අවිභූතය - අපරිව්‍යක්ත ය යි කියන ලදී. එහි රූපසංඥාව විභූතය’යි කීයේ නිමිති වැඩීම් වශයෙනි. අස්ථික සංඥාව අවීභූතය යි කීයේ නිමිති නො වැඩීම් වශයෙනි.
එසේ නම් “කෙවලං අට්ඨිකසඤ්ඤාය අඵරිං පඨවිං ඉමං” ‘මේ මුළු පොළොව අස්ථික සංඥායෙන් පැතුරුයෙමි’යි කියන ලද්දේ කුමක් නිසා ද, එසේ කියන ලද්දේ අස්ථිකසංඥා ලාභීහට වැටහෙන ආකාර වශයෙනි. අස්ථිනිමිත්ත වැඩීම් වශයෙන් නොවේ. ධර්‍මාශෝක රජ්ජුරුවන් රාජ්‍යය කරන කල්හි රාජමන්‍දිරයට පැමිණ වූ කරවීක පක්‍ෂියා අවට පිහිටි කැටපත් බිත්තිවල ස්වකීය ඡායාරූපය දැක මෙහි තවත් කරවීක පක්‍ෂීහු ඇතැ’යි සිතා මිහිරි හඬින් හැඩීය. එමෙන් ඒ තෙරුන්නාන්සේ ද අස්ථික සංඥාව ලත් බැවින් සියලු දිසාවන්හි තමහට වැටහුණු අස්ථිනිමිත්ත දන්නාසේක් මුළු පොළොව ඇටින් පිරුණේ යයි සිතූ සේක.
වේවා එසේ නම් ධම්මසංගණියෙහි[1] වදාළ අශුභධ්‍යාන පිළිබඳ අප්‍රමාණාරම්මණ බව වරද ද, හෙද වරද නො වේ. ඇතැම්හු මහත් ඉදිමී ගිය ශරීරයෙහිද, මහත් අස්ථිකයෙහි ද, නිමිත්ත ග්‍රහණය කරති. ඇතැම්හු කුඩා උද්ධුමාතකයෙහි ද, කුඩා අස්ථිකයෙහි ද, නිමිත්ත ග්‍රහණය කරති. එහෙයින් ඇතැමුන්ගේ ධ්‍යාන අප්පමාණාරම්මණ වේ. ඇතැමුන්ගේ ධ්‍යාන පරිත්තාරම්මණ වේ (මෙයිනුදු අශුභය නො වඩන ලද බව දැක්වූහු) තවද යමෙක් අශුභවැඩීමෙහි - පැතිරවීමෙහි ආදීනව නො සලකා ම වඩා ද, ඒ සඳහා අප්පමාණාරම්මණය යි කියන ලදි. ආනිසංසයක් නැති බැවින් එසේ නො වැඩිය යුතු. කායගතාසති හා අශුභමෙන් සෙසු ආනාපාණාදියද නො වැඩිය යුතු. කුමක් හෙයින් ද, ආනාපන නිමිති වඩතොත් වැඩෙන්නේ වාතරාශියෙක්ම ය. එතෙක් ද, එය නැහැ අග උඩුතොල යන අවකාශයෙන් පරිච්ඡින්න වූයේ ද වෙයි. එසේ ආදීනව සහිත බැවින් ද, අවකාශයෙන් පිරිසුන් බැවින්ද, ආනාපාන නො වැඩිය යුතු.
මෛත්‍රී ආදි බ්‍රහ්මවිහාරයෝ සත්ත්‍වයන් අරමුණු කොටැ ඇත්තෝ ය. එ බැවින් ඒ බ්‍රහ්මවිහාරයන්ගේ නිමිති වඩතොත් වැඩෙන්නේ සත්ත්‍ව රාශිම ය. ඒ වැඩීමෙන් කවර අර්‍ථයෙක් ද, එ බැවින් එ ද නො වැඩිය යුතු. එසේ නම් “මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා”[2] “මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් වඩා” යනාදිය කුමක් හෙයින් වදාළ සේක්ද ඒ වදාළේ පරිග්‍රහ වශයෙන් විනා වර්‍ධන වශයෙන් නොවේ. ආවාස එකෙක දෙකක යනාදි පිළිවෙළින් එක් දිසාවෙක සියලු සතුන් පරිග්‍රහ කොටැ භාවනා කරන්නේ “එකං දිසං ඵරිත්‍වා”යි වදාරන ලදී. එයින් නිමිති කැඩීමෙක් නො වදාරන ලදි. බ්‍රහ්ම විහාර පිළිබඳ ප්‍රතිභාග නිමිති කැල ම නැත. වඩතොත් වැඩිය යුතු වන්නේ ප්‍රතිභාග නිමිති ය; ඒ නැති කල්හි කුමක් වඩනේ ද, මෙහිදු පරිත්තාරම්මණ හා අප්පමාණාරම්මණ පරිග්‍රහ වශයෙන් ම දත යුතු යි. (කතිපය සත්ත්‍වයන්ගේ පරිග්‍රහ වශයෙන් ප්‍රවෘත්ත වූයේ පරිත්තාරම්මණ වෙයි. බොහෝ සත්ත්‍වයන්ගේ පරිග්‍රහ වශයෙන් ප්‍රවෘත්ත වූයේ අප්‍රමාණාලම්බන වෙයි යනු පැරකුම්බා සන්නයි)
ආරුප්පාරම්මණයන්හි දුක්සුණු ඉගිළි තැන බැවින් ආකාශය නො වැඩිය යුතු. ඒ ආකාසය මෙනෙහි කළ යුතු වන්නේ කසිණාපගම වශයෙන් ය. එයින් ඔබ වඩතු දු කිසිවක් වැඩෙන්නේ නො වේ. විඤ්ඤාණය ස්වභාව ධර්‍ම බැවින් නො වැඩිය යුතු. ස්වභාව ධර්‍ම නො වැඩිය හැකි ය. ආකිඤ්චඤ්ඤය විඤ්ඤාණයාගේ අපගමය යි. හෙ ද අභාවමාත්‍ර බැවින් වැඩිය නො හැකි ය. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ද ස්වභාව ධර්‍ම බැවින් නො වැඩිය යුතු යි.
බුද්‍ධානුස්සති ආදි සෙසු දස කර්‍මස්ථාන ප්‍රතිභාග නිමිති නැති බැවින් වැඩිය යුතු නොවේ. වැඩිය යුත්තේ ප්‍රතිභාග නිමිති යි. බුද්‍ධානුස්සති ආදි කර්‍මස්ථානයන්ට ප්‍රතිභාග නිමිති නැත. එ බැවින් එ ද නො වැඩිය යුතු යි.
මේ වර්නාර්ධන වශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.