සෝකාදීන් අතුරෙහි
(4) සෝකය නම්:- ඤාතිව්‍යසනාදියෙන් ස්පර්‍ශවූවහු ගේ සිතෙහි තැවීම ය. එය හුදෙක් අර්‍ථ වශයෙන් දොම්නස මැයි. එසේ ඇත්තේ ද ඇතුළත සිතිවිලි සිතීම ලක්‍ෂණය යැ. සිත දැවීම එහි කෘත්‍ය යැ. අනුව සෝක කිරීම වැටහෙන ආකාරයයි.
(කළ නොකළ දුශ්චරිත - සුචරිත විෂයක විපිළිසර බැවින් පවත්නා අනුශෝචනය කුක්කුච්චය යි. ඤාති ව්‍යසනාදි විෂයක වූ හුදෙකලා චිත්තයා ගේ තැවීම ශෝකය යි. මේයැ දෙකෙහි වෙනස) මෙද දුඃඛ වස්තුක හෙයින් දුක යැ.
එයින් වදාළහ.
(18) සත්තානං හදයං සොකො - විසසල්ලංව තුජ්ජති
අග්ගිතත්තොව නාරාවො - භුසංව දහනෙ පුන
(18) සමාවහති ව්‍යාධි - ජරා මරණ භෙදනං
දුක්ඛම්පි විවිධං යස්මා - තස්මා දුක්ඛොනි වුච්චති[1]
(18) ලෝ සත සතන් සෝ - විසහුල් සෙයින් විදුනේ
ගින්නෙන් තැවු හීසේ - වැඩිව දෙතා[2] දවන්නේ
(19) ලෙඩ - ජරා මරණ ද - බෙයින් නන් අයුරින් හුදු
දුක් රැස් පමුණුවන්යෙන් - සෝදුක් යැයි වදාළේ.
(දුර්වල ශෝකයෙන් ජරාව ද, බලවත් ශෝකයෙන් අතීසරාදී ව්‍යාධි ද, විපුල ශෝකයෙන් මරණ ද පමුණුවයි.)
මේ ශෝකයෙහි විනිශ්චයයි.