(10) අන්තර්‍ගතයෙන්ගේ ප්‍රභේද හෙයින් මෙසේ යි.
තෘෂ්ණාව ද, අනාශ්‍රව ධර්‍මයන්ද හැර සෙසු එක් අසූ (81) ත්‍රෛභූමික ධර්‍මයෝ දුඃඛ සත්‍යයෙහි ඇතුළත් වෙති.
ආධ්‍යාත්මික, බාහිර ද්වාදසායතනයෙහි කාම- භව- විභව- තෘෂ්ණාවශේයෙන් පැවති සතිස් (36) තෘෂ්ණා විචරිතයෝ සමුදය සත්‍යයෙහි ඇතුළත් හ. (ඒ ඒ භවයෙහි හසුරුවන හෙයින් විචරිත නමි.)
මෙහි ඛුද්දකවත්‍ථු විභඞ්ගයෙහි[1] ආ නයින් කාල විභාගය නො ගෙන මේ කියන ලදී. කාල විභාගයද සමග ගතහොත් අටතුරාසියයක් (108) වේ.
නිරෝධ සත්‍යය කිසිදු සංස්කාර ධර්‍මයක් හා මිශ්‍ර නො වන හෙයින් එකෙක් මැයි.
(1) සම්‍යක්දෘෂ්ටියෙහි විමංසිද්‍ධිපාදය, පඤඤින්‍ද්‍රියය, පඤ්ඤාබලය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය යන බෝධිපාක්‍ෂික ධර්‍මයෝ ඇතුළත් වෙති.
(2) සම්‍යක් සංකල්පය දැක්වීමෙන් නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යන ත්‍රිවිධ විතර්‍කයෝ ම දක්වන ලදහ.
විස්තර:- ලෞකික ක්‍ෂණයෙහි අලෝභ - මෛත්‍රී - කරුණා වශයෙන් සම්ප්‍රයෝග වන හෙයින් වෙන වෙන මැ වේ.
මාර්‍ගක්‍ෂණයෙහි ලෝභ ව්‍යාපාද විහිංසා සමුච්ඡේද වශයෙන් එවකට පවත්නා හෙයින් එකෙක් මැයි.
කාමවිතර්‍කයෙහි දෝෂ දැක ඒ නසන පිණිස ප්‍රතිපන්නයාහට උපන් (මාර්‍ගයෙහි විතර්‍කය නෙක්ඛම්ම විතක්ක නම්වෙයි. සෙසු සෙ විතර්‍කය ද එසේ මැයි.
විශේෂ:- අශුභධ්‍යානය පාදක කොට ඉපද වූ මාර්‍ගයෙහි විතර්‍කය නෛෂ්ක්‍රම්‍ය විතර්‍ක නම් වේ.
මෛත්‍රීධ්‍යානය පාදකකොට ඉපද වූ මාර්‍ගයෙහි විතර්‍කය අව්‍යාපාද විතර්‍ක නම් වෙයි.
කරුණා ධ්‍යානය පාදක කොට ඉපද වූ මාර්‍ගයෙහි විතර්‍කය අවිහිංසා විතර්‍ක නම් වේය, යි (විභඞ්ග අටුවාහි2 කී හෙයින් නානා මාර්‍ගක්‍ෂණ වශයෙනුදු ගන්නේම ය යනු සන්නයි)
(3) සම්‍යක් වචන නිදර්‍ගනයෙන් මුසාවාදා වෙරමණී ආදි චතුර්විධ වාක් සුචරිතය සංග්‍රහ වේ.
(4) සම්‍යක් කර්‍මාන්ත නිදර්‍ශනයෙන් පාණාතිපාතා වෙරමණි ආදි ත්‍රිවිධ කායසුචරිතය සංග්‍රහ වේ.
(5) සම්‍යක් ආජීව මුඛයෙන් අලේපච්ඡතා, සන්තුඨිතාවෝ සංග්‍රහ වෙති. මේ සියලු සම්‍යක් වචන, සම්‍යක් කර්‍මාන්ත, සම්‍යක් ආජීවයන් ආර්‍ය්‍යයන් කැමැතිවන සිල් හෙයිනි.
(භවන්තරයෙහි පවා ආර්‍ය්‍යයන් ජිවිත හේතුවිනුදු ව්‍යතික්‍රමණය නො කරකනක හෙයිනි)
ඒ ශිලය ද ශ්‍රද්ධා හස්තයෙන් පිළිගතයුතු හෙයින් ශීලයා ගේ විද්‍යමානත්‍වයෙන් ශ්‍රදේධන්‍ද්‍රිය, ශ්‍රද්ධාබල, ඡන්‍දද්ධිපාදයෝ ඇතුළත් වූවාහු ය. (ඡන්‍දිද්‍ධිපාදය ශ්‍රද්ධානුගුණ හෙයිනි).
(6) සම්‍යක් ව්‍යායාමය ගැනීමෙන් සතර සම්‍යක්ප්‍රධන් වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය ඉන්‍ද්‍රියය, වීර්‍ය්‍ය බලය, විරියසම්බොජ්ඣඞ්ගය යන මේ ධර්‍මයෝ සංග්‍රහ වෙති.
(7) සම්මාසතිය ගැනීමෙන් සතරසතිපට්ඨානය, සතිඉන්‍ද්‍රිය, සතිබලය, සතිසම්බොජ්ඣඞ්ගය යන මෙතෙක්ධර්‍මයෝ ගැනෙති.
(8) සම්මාසමාධිය ගැනීමෙන් සවිතර්‍ක=සවිචාර, අවිතර්‍කවිචාරමාත්‍ර, අවිතර්‍ක අවිතර්‍ක අවිචාර, යන ත්‍රිවිධ සමාධිහු ද, චිත්තසමාධිය, සමාධින්‍ද්‍රිය, සමාධීබය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයෝ ද ගැනෙති.
විස්තර:- චිත්තසමාධි නම් චිත්තිද්‍ධිපාදය යැ “විත්තං පඤ්ඤඤ්චභාවයං”යී මෙහි මැ චිත්ත ශීර්‍ෂයෙන් සමාධිය වදාළ හෙයින් සමාධි ශීර්‍ෂයෙන් චිත්තය ද කියයුතු වෙයි.
විශේෂ:- චිත්තිද්‍ධිපාද භාවනාවෙහි සමාධිය ද බලපවත්වන හෙයින් වීමංසිද්‍ධිපාදාදිය මෙන් ඉද්‍ධිපාදය යි නො කියා චිත්තසමාධියයි කියන ලදී.
පීති, පස්සද්ධි, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයන් සමාධි නොවතුදු සමාධියට උපකාර වන හෙයින් ගන්නා ලදි. “පීති මනස්සකායො පස්සම්හති. පස්සද්ධකායො සුකං වෙදෙති. සුඛීනො චිත්තං සමාධියති[2]
‘ප්‍රීති සිත් ඇත්තහු ගේ කාය දරථ සංසිඳෙති. සන්සුන් දරථ ඇත්තේ කායික සැප විඳියි සැප ඇත්තහු ගේ සිත සමාධිමත් වේය’ යි වදාළ හෙයින් පීති-පස්සද්‍ධිහු සමාධියට උපකාරයහ.
උපේක්‍ෂාව ද සමාධියට උපකාර වන හෙයින් හා සමාන කෘත්‍ය ඇති හෙයින් සමාධියෙහි ඇතුළත් වී.
අන්තර්ගතයන් ගේ ප්‍රභේද විනිශ්චයයි.