(1) විභාග වශයෙන් දුඃඛාදි චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ අර්‍ථ සතර - සතර බැගින් බෙදන ලදී. ඔවුන් ගේ සත්‍ය ස්වභාවය තථ, අවිතථ, අනඤ්ඤථ වශයෙන් ගැනේ.
දුඃඛාදීන් ඒ දුඃඛාදි ස්වභාවයන් මැ යුක්තවීම නොහොත් දුඃඛාදි ස්වභාවය නො ඉක්මවීම තථ (සත්‍ය) ස්වභාවය යි.
දුඃඛාදිය පිළිබඳ බාධකාදි ස්වභාවය නො ඉක්මවීම නොහොත් (දුඃඛාදිය සුඛාදියක් නො වීම) අවතථ නිබොරු භාවයයි.
දුඃඛාදිය අබාධකාදි අන්‍යාකාරයක නො පැමිණීම නොහොත් දුඃඛාදිය සමුදයාදි අන්‍ය සත්‍යයකට නො පැමිණීම අනඤ්ඤථ (නොවෙනස්) භාවය යි. සමුදයාදියෙහිදු මෙසේමැයි.
මෙසේ ත්‍රිවිධ සත්‍ය ස්වභාවයෙන් යුත් දුඃඛාදිය පිළිබඳ එසේ පවත්නා අර්‍ථයන් වෙන වෙනම බෙදා වදාළ පරිදි මෙසේයි. “දුකඛස්ස පීළනට්ඨො, සඞ්ඛතට්ඨො, සට්තාපට්ඨො, විපරිණාමට්ඨො, ඉමෙ චත්තාරො දුක්ඛස්ස දුක්ඛට්ඨා, තථ-අවිතථා-අනඤ්ඤථා”[1] ‘දුඃඛ සත්‍යයාගේ දුඃඛ දුඃඛතා නිමිත්තෙන් පෙළීම් අර්‍ථය, ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද අර්‍ථය, තවන අර්‍ථය, ජරාමරණ දෙකින් පෙළීම් අර්‍ථය දැයි, මේ සතර දුඃඛයා ගේ තථ-අවිතථ-අනඤ්ඤථ ස්වභාවය වූ දුඃඛාර්‍ථයෝ යි.
“සමුදයස්ස ආයූහනට්ඨො, නිදානට්ඨො, සංයොට්ඨො, පළිබොධට්ඨො, ඉමෙ චත්තාරො සමුදයස්ස සමුදයට්ඨා තථ-අවිතථා-අනඤ්ඤථා”1 ‘දුක් උපදවන (රැස්කරරන) අර්‍ථය, මූලකාරණාර්‍ථය, සංසා වෘත්ත දුඃඛයෙහි යොදවන අර්‍ථය, මාර්‍ග ඵලාධිගමය වලකන අර්‍ථය ද, සමුදයයා ගේ සත්‍යාර්‍ථයෝ යි.
“නිරොධස්ස නිස්සරණට්ඨො, විවෙකට්ඨො, අඞ්ඛතට්ඨො-අමතට්ඨො ඉමෙ චත්තාරො නිරොධස්ස නිරොධට්ඨා, තථා-අවිතථා-අනඤ්ඤථා”[2] සංසාරයෙන් එතර කරන බවය, නිර්‍වාණාධිගමයට කාරණ බවය, නිර්‍වාණය හෝ චතුස්සත්‍යය දැකීම ය, සම්ප්‍රයුක්ත ධර්‍මයනට ඊශ්වර බව හෝ ආරම්මණාධිපති බවය යන මොහු මාර්‍ගසත්‍යයා ගේ සත්‍යාර්‍ථයෝ යි.
විශේෂ :- (තවද) පීඩනාර්‍ථය, ප්‍රත්‍යයයෙන් කරන ලද අර්‍ථ ය, තවන අර්‍ථ ය, ප්‍රකෘති ස්වභාව ය) හරණ අර්‍ථ ය. මාර්‍ගඥානයෙන් දතයුතු අර්‍ථ ය යන මොහු දුඃඛ සත්‍යයා ගේ අර්‍ථ විශේෂයෝ යි. මෙසේ මේ සතර - සතර අර්‍ථ වශයෙන් දුඃඛාදි චතුස්සත්‍යය දතයුතුයි.
මේ අර්‍ථ වශයෙන් විනිශ්චයයි.