ලක්‍ෂණාදි වශයෙන්

(2) ලක්‍ෂණාදි වශයෙන් ද, ලක්‍ෂණ - රස - ප්‍ර‍ත්‍යුපස්ථාන - පදස්ථාන වශයෙන් විනිශ්චය යට ස්කන්ධ නිර්‍දෙශයෙහි[1] කී පරිදි දත යුතුයි.

විශේෂ :- පඤ්ඤින්‍ද්‍රියාදි සතර ඉන්‍ද්‍රියයෝ වස්තු ධර්‍ම සතර දෙනෙක් නො වෙති. හුදෙක් එකමැ අමොහය මැයි. එහෙයින් එහි ලක්‍ෂණාදිය සංස්කාර ස්කන්ධ1 වර්‍ණනාදියෙහි කීසේ දතයුතු. සෙසු ඉන්‍ද්‍රියයෝස්කන්ධ නිර්‍දෙශයෙහි[2] ස්වරූපයෙන් මැ ආවාහු ය.

  1. සිං:වි: 699

  2. සිං:වි: 650