අධිට්ඨාන පවාරණය

ඉදින් පවාරණ දිනයෙහි එක් භික්ෂුවක් පමණක් වී නම්, ඒ භික්ෂුව විසින් සීමාවට ගොස්, හැමද, පැන් එළවා තබා, අසුන් පනවා, පහන් දල්වා, එහි හිඳිය. යුතු ය. එසේ හිඳිනා කල්හි තවත් භික්ෂූහු ආවාහු නම්, ඒ භික්ෂූන් සමග පවාරණය කළ යුතු ය. නො ආවාහු නම් “අජ්ජ මෙ පවාරණා (පණ්ණරසීති) අධිට්ඨාමි” යි තෙවරක් කිය යුතුය. එය අධිට්ඨාන පවාරණය ය.