භික්ෂූන් තුන් නමක් හෝ දෙනමක් හෝ වූ කල්හි කරන පවාරණය පුද්ගල පවාරණය ය. සීමාවට රැස්වූ භික්ෂූහු තුන් නමක් නම් ව්‍යක්ත භික්ෂුවක් විසින්-
“සුණන්තු මෙ ආයස්මන්තා අජ්ජ පවාරණා පණ්ණරසි යදායස්මන්තානං පත්තකල්ලං මයං අඤ්ඤමඤ්ඤං පවාරෙය්‍යාම.”
මෙසේ ඤත්තිය තැබිය යුතු ය. ඉක්බිති ස්ථවිර භික්ෂුව විසින් උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ-
අහං ආවුසො ආයස්මන්තෙ පවාරෙමි. දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා වදන්තු මං ආයස්මන්තා අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ- පටිකරිස්සාමි.
මෙසේ ඉතිරි භික්ෂූන් දෙදෙනා කෙරෙහි පවාරණය කළ යුතු ය. නවක භික්ෂූන් විසින් “අහං භන්තෙ” යනාදීන් කියා පවාරණය කළයුතු.
“ආයස්මන්තො-ආයස්මන්තා” යන මේ වචන දෙක ගැන විශේෂයෙන් මතක තබා ගත යුතු ය. ආයස්මන්තො යනු බහු වචනය යි. ආයස්මන්තා යනු ද්විවචනය යි. බුදුසස්නෙහි ද්විවචනයක් වශයෙන් ව්‍යවහාර වන්නේ “ආයස්මන්තා” යන වචනය පමණෙකි.
භික්ෂූන් දෙදෙනෙක් පමණක් වූවාහු නම් ඤත්තිය තැබීමක් නො කොට ස්ථවිර භික්ෂුව විසින් සිවුර ඒකාංස කොට පොරවා උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ “අහං ආවුසො ආයස්මන්තං පවාරෙමි. දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා වදතු මං ආයස්මා අනුකම්පං උපාදාය. පස්සන්තො පටිකරිස්සාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ- පටිකරිස්සාමි” යි අනික් භික්ෂුවට සැලකළ යුතු ය. නවක භික්ෂුව විසින් ඒ වාක්‍යය ම ‘භන්තෙ’ යනු යොදා ස්ථවිර භික්ෂුව කෙරෙහි පවාරණය කළ යුතු ය.