තේවාචික ගණ පවාරණය

පවාරණා දිනයෙහි සීමාවට රැස්වූ පිරිස සතර නමක් වේ නම්, එක් එක් නම ඉතිරි තෙනම කෙරෙහි පවාරණය කළ යුතු ය. එය ගණපවාරණය ය. එය ඤත්තිය තබා කළ යුතු ය. ඤත්තිය මෙසේ ය.

සුණන්තු මෙ ආයස්මන්තො අජ්ජ පවාරණා (පණ්ණරසී) යදායස්මන්තානං පත්තකල්ලං මයං අඤ්ඤමඤ්ඤං පවාරෙය්‍යාම.

මෙසේ ඤත්තිය තබා වැඩි මහලු භික්ෂුව විසින් සිවුරු ඒකාංස කොට පෙරවා උක්කුටිකයෙන් හිඳ වැඳ ගෙන-

“අහං ආවුසො ආයස්මන්තෙ පවාරෙමි. දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සාමි. දුතියම්පි අහං ආවුසො -පෙ- තතියම්පි අහං ආවුසො ආයස්මන්තෙ පවාරෙමි -පෙ- පස්සන්තො පටිකරිස්සාමි” යි

පවාරණය කළ යුතු ය. නවක භික්ෂූන් විසින් -

“අහං භන්තෙ ආයස්මන්තෙ පවාරෙමි. දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සාමි. දුතියම්පි -පෙ- තතියම්පි -පෙ- පටිකරිස්සාමි” මෙසේ පවාරණය කළ යුතු.