අධිට්ඨාන උපෝසථය.

පොහෝ දිනයෙහි එක් භික්ෂුවක් පමණක් වුව හොත් සීමාවට ගොස්, සියලු පූර්වකෘත්‍යයන් කොට පොහෝ කිරීමට තවත් භික්ෂූන් නො පැමිණෙන බව සලකා, එය තුදුස්වක දිනයක් නම්, “අජ්ජ මෙ චාතුද්දසො උපොසථොති අධිට්ඨාමි” යි ද පසළොස්වක දිනයක් වේ නම්, “අජ්ජ මෙ උපොසථො පණ්ණරසොති අධිට්ඨාමි” යි ද තුන්වරක් කිය යුතු ය. එය අධිට්ඨාන උපෝසථ නම් වේ.