කර්ම කාරක සඞ්ඝයෝ

චතුවග්ගො පඤ්චවග්ගො - දස වීසති වග්ගිකො

අතිරෙක වීසති වග්ගො - පඤ්ච සඞ්ඝා විභාවිතා.

යනුවෙන් දැක්වෙන පරිදි චතුර්වර්ග සඞ්ඝයා ය, පඤ්ච වර්ග සඞ්ඝයාය, දශවර්ග සඞ්ඝයාය, විංශති වර්ග සඞ්ඝයාය, අතිරේක විංශතිවර්ග සඞ්ඝයායයි සඟහු පස්වැදෑරුම් වෙති.

අබ්භානකර්මය, උපසම්පදා කර්මය, සඞ්ඝ පවාරණ කර්මයය යන මේ කර්ම හැර ඉතිරි කර්ම සියල්ල චතුර්වර්ග සඞ්ඝයා විසින් කළ හැකි ය. අබ්භාන කර්මයත් මධ්‍ය දේශයේ උපසම්පදා කර්මයත් හැර ඉතිරි කර්ම සියල්ල පඤ්චවර්ග සඞ්ඝයාට කළ හැකි ය. අබ්භාන කර්මය හැර සියලු විනය කර්ම දශවර්ග සඞ්ඝයාට කළ හැකි ය. විංශති වර්ග සඞ්ඝයාට හා අතිරේක විංශතිවර්ග සඞ්ඝයාට සියලු ම විනය කර්ම කළ හැකි ය.

අනු මාතෘකා