(1) අතීත භවයෙහි උපන් විඥාන ධාතූහු අතීත භවයේ දී ම නිරුද්ධයහ. වර්තමාන භවයට නො පැමිණියෝ ය. එබැවින් අනිත්‍යයෝ ය. ඉපැදීම් බිඳීම් දෙකින් පෙළෙන බැවින් ද බිය විය යුතු බැවින් ද, බිය ගෙන දෙන බැවින් ද, දුකට ස්ථාන වන බැවින් ද දුඃඛයෝ ය. සාරයක් නැති බැවින් අනාත්මයෝ ය.
(2) අනාගත භවයෙහි උපදනා විඥාන ධාතූහු අනාගත භවයේදී ම බිඳෙන්නාහ. මතු භවයට නො යන්නාහ. එහෙයින් -පෙ-
(3) වර්තමාන භවයේ විඥාන ධාතූහු වර්තමාන භවයෙහි ම නිරුද්ධ වන්නාහ. මතු භවයට නො යන්නාහ. එහෙයින් -පෙ-
(4) අධ්‍යාත්මික විඥාන ධාතූහු අධ්‍යාත්මයෙහි ම නිරුද්ධ වන්නාහ. පිටතට නො යන්නාහ. එහෙයින් -පෙ-
(5) බාහිර විඥාන ධාතූහු පිටතදී ම නිරුද්ධ වන්නා හ. අධ්‍යාත්මයට නො එන්නා හ. එහෙයින් -පෙ-
(6) ඖදාරික විඥාන ධාතූහු ඖදාරිකත්වයෙන් ම නිරුද්ධ වන්නාහ. සූක්ෂ්ම බවට නො පැමිණෙන්නාහ. එහෙයින් -පෙ-
(7) සූක්ෂ්ම විඥාන ධාතූහු සූක්ෂ්මත්වයෙන් ම නිරුද්ධ වන්නාහ. ප්‍රණීත බවට නො පැමිණෙන්නාහ. එහෙයින් -පෙ-
(8) හීන විඥාන ධාතූහු හීනත්වයෙන් ම නිරුද්ධ වන්නාහ. ප්‍රණීත බවට නො පැමිණෙන්නාහ. එහෙයින් -පෙ-
(9) ප්‍රණීත විඥාන ධාතූහු ප්‍රණීතත්වයෙන් ම නිරුද්ධ වන්නාහ. හීනත්වයට නො පැමිණෙන්නාහ. එහෙයින් -පෙ-
(10) දූර විඥාන ධාතූහු දුරෙහි ම නිරුද්ධ වන්නාහ. සමීපයට නො පැමිණෙන්නාහ. එහෙයින් -පෙ-
(11) සන්තික විඥාන ධාතූහු සමීපයෙහි ම නිරුද්ධ වන්නාහ. දුරට නො යන්නාහ. එහෙයින් -පෙ-
විඥාන ධාතුව චක්ෂුර් විඥාන ධාත්වාදි වශයෙන් සයට බෙදා ද කියන ලද පරිදි වාක්‍ය යොදාගෙන භාවනා කරනු. නැවත නාම රූප ධාතු දෙවර්ගය ම එක් කොට අතීතාදි වශයෙන් කලාප වශයෙන් “අතීත භවයෙහි වූ සංස්කාරයෝ අතීත භවයෙහි ම නිරුද්ධයහ. වර්තමාන භවයට නො පැමිණියෝ ය. එබැවින් අනිත්‍යයෝ ය යනාදීන් භාවනා කරනු. ස්කන්ධ ධාත්වායතන ක්‍රමයන් ගෙන් ද භාවනා කළ හැකි නම් කරනු. පටිච්චසමුප්පාදාංග දොළස පිළිබඳ ව ද අවිද්‍යාව අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම ය, අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට ගන්නා සංස්කාරයෝ අනිත්‍යයෝ ය, දුඃඛයෝ ය, අනාත්මයෝ ය. සංස්කාර ප්‍රත්‍යයෙන් හට ගන්නා විඥානය අනිත්‍ය ය, දුකය, අනාත්මය යනාදීන් භාවනා කරනු. එක් එක් අංගයක් එකොළොස් ආකාරයකට බෙදා භාවනා කළ හැකි නම් එසේ ද කරනු.