මුදල්වලට සමාන වස්තු.

රන් රිදී මසු කහවණු නො වන, ඒවායින් ලැබිය හැකි ප්‍රයෝජන ලැබිය හැකි සමහර විට මුදල් වෙනුවට ද පාවිච්චි කළහැකි වස්තු ඇත්තේ ය. ඒවා පිළිගත ද නිසගි නො වේ. දුකුළා ඇවැත් වේ.

“මුත්තාමණි වෙළුරියො සංඛො සිලා පවාළං ලොහිතංකො මසාරගල්ලං සත්තධඤ්ඤානි දාසිදාසඛෙත්තවත්ථුපුප්ඵාරාම ඵලාරාමාදයොති ඉදං දුක්කටවත්ථු.”[1]

යනුවෙන් විනය අටුවාවෙහි ඒවා දුක්කට වත්ථුනාමයෙන් දක්වා ඇත්තේය. මුත්තාමණි යනාදිය අනාමර්ශවස්තු දැක්වීමේදී විස්තර කරන ලදී.

  1. ස.පා. – 499 පි.