ද්විතීය උපක්ඛට ශික්ෂාපදය.

ද්විතීය උපක්ඛට ශික්ෂාපදයෙහි ඇත්තේ ප්‍ර‍ථම උපක්ඛට ශික්ෂාපදයට මඳ වෙනසකි. නො නෑ වූ ගිහියන් දෙදෙනකු එක් භික්ෂුවකට වෙන වෙනම සිවුරු ගෙන පිදීමට මුදල් පිළියෙළ කර ගෙන ඉන්නා තැනට පැවරීමක් නැතිව භික්ෂුව ගොස් වඩා හොඳ සිවුරක් ලැබීමේ ආශාවෙන් දෙදෙනාගේ ම මිලයෙන් එක් සිවුරක් ගන්වා පූජා කරවුව හොත් ද්විතීය උපක්ඛට ශික්ෂාපදයෙන් නිසගි පචිති වේ. එසේ ලද සිවුර නිස්සජනය කළ යුත්තේ මෙසේ ය.

“ඉදම්මෙ ආවුසො චීවරං පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකෙ ගහපතිකෙ උපසංකමිත්වා චීවරෙ විකප්පං ආපන්නං. ඉමාහං ආයස්මතො නිස්සජාමි.”[1]

  1. පාරා - 259 පි.