පාටලීපුත්‍ර නුවර එක් සිටුවරයෙක් හැමදා දොළොස් දහසක් භික්ෂූන්ට දන්දෙයි. ඔහුගේ සතුරෝ රජු වෙත ගොස් “මහරජ, දොළොස්දහසක් කසාවත් හැඳි සොරු සිටාණන් විසින් ආහාර දීමෙන් පෝෂණය කරනු ලැබෙත්. මෙය ඔබට විනාශයක් වන්නේය”යි කීහ. රජතෙම “ඔබගේ ප්‍රව්‍රජජිතයන් බලන්ට එන්නෙමි”යි සිටාණන්ට දැනුම් දුණි. සිටුතෙම යෙහෙකැයි කියා ඒ දොළොස් දහසක් භික්ෂූන් උදෙසා සියුම් වස්ත්‍ර දී වහ වහා සිවුරු මහන්ට නියම කෙළේය. මණ්ඩපයක් සාදවා එහි හාන්සි පුටු ආදිය තබා නොයෙක් පැහැති මල් ඇතිරිලි ද ඇතිරෙව්වේය. ඉක්බිති ඒ මණ්ඩපයට භික්ෂූන් ඇතුල් කරවා “මගේ පැවිද්දන් බලනු මැනවැ”යි රජුට දැන්වීය. රජ අවුත් ඒවා නියම සිවුරු බව දැක ඉතා පැහැදුනේ දන් දී බණ අසා තිසරණ ගෙන “තා විසින් මා අපායෙන් වළක්වන ලදැ”යි උපාසකයාට කියා ගියේය.