අනුමෝදනා වත

දන් වළඳා අවසානයෙහි නිකම් ම නැඟිට නො යා යුතුය. ‘අනුජානාමි භික්ඛවේ, භත්තග්ගෙ අනුමෝදිතුං’ යි වදාරා ඇති පරිදි දන් දුන් අයගේ සිත් සතුටු වනු පිණිස වළඳා අවසානයේ දී දන් දුන් සැදැහැවතුන්ට අනුමෙවෙනි බණක් කිය යුතුය.

“අනුජානාමි භික්ඛවේ, ථෙරේන භික්ඛුනා භත්තග්ගේ අනුමෝදිතුං” යි වදාරා ඇති බැවින් සංඝස්ථවිරයන් වහන්සේ විසින් පිරිසට අනුමෝදනා බණ කිය යුතු ය. සංඝස්ථවිරයන් වහන්සේ නවකයකු ලවා අනුමෝදනාව කරවනු කැමති නම් එසේ කිරීමට ද වටනේය. අනුමෝදනාවට සංඝස්ථවිරයන් තබා අන්‍ය භික්ෂූන් නො යා යුතුය. අනුමෝදනාව කරන තුරු යටත් පිරිසෙයින් සතර පස් නමක් වත් දන්සැලෙහි නැවතිය යුතු ය.