ආචාර්‍ය්‍ය වත

නිශ්‍ර‍යාචාර්‍ය්‍ය - ප්‍ර‍ව්‍ර‍ජ්‍යාචාර්‍ය්‍ය - උපසම්පදාචාර්‍ය්‍ය - ධර්මාචාර්‍ය්‍ය යි ආචාර්‍ය්‍යයෝ සතර දෙනෙකි. උපාධ්‍යායයන් ගෙන් වෙන් ව වාසය කරන්නවුන් විසින් “ආචරියෝ මෙ භන්තේ හෝහි, ආයස්මතෝ නිස්සාය වච්ඡාමි” යි යාච්ඤා කොට ආචාර්ය්‍යත්වයෙහි තබා ගන්නා ආචාර්ය්‍යවරයා නිශ්‍ර‍යාචාර්‍ය්‍ය නමි. පැවිදි වන කල්හි සරණ සමාදානය කරවන තවත් දත යුතු දේ උගන්වා දෙන ආචාර්ය්‍යවරයා ප්‍ර‍ව්‍ර‍ජ්‍යාචාර්ය නමි. උපසම්පදා කිරීමේ දී අනුශාසනා කරන කර්ම වාක්‍යය කියන ආචාර්ය්‍යවරයා උපසම්පදාචාර්ය්‍ය නමි. ධර්ම විනය දෙක උගන්වන ආචාර්‍ය්‍යවරයා ධර්මාචාර්‍ය්‍ය නමි. ඒ ඒ ආචාර්‍ය්‍යවරයන් ගේ අන්තේවාසිකයන් විසින් උපාධ්‍යායයන්ට සේ ම ආචාර්‍ය්‍යවරුන්ට ද වත් කළ යුතුය. උපාධ්‍යාය වතය, ආචාර්ය්‍ය වතය යන මේ දෙක්හි වෙනස නාම මාත්‍ර‍ය පමණෙකි. උපාධ්‍යායයන්ට කළ යුතු වත “උපජ්ඣායවත්ත” නම් වේ. එයම ආචාර්ය්‍යයන්ට කරන කල්හි “ආචාරිය වත්ත” නම් වේ.

නිශ්‍ර‍යාචාර්ය්‍ය වත ඒ ආචාර්ය්‍යවරයා යටතේ වෙසෙන කාලයේ පමණක් කිරීම ප්‍ර‍මාණවත් ය. ප්‍ර‍ව්‍ර‍ජ්‍යාචාර්ය්‍ය උපසම්පදා චාර්ය්‍ය ධර්මාචාර්ය්‍ය වරයන්ගේ වත් දිවි හිමියෙන් කළ යුතුය. එහෙත් නොවිචාරා දීම් ගැනීම් ආදියෙන් නිශ්‍ර‍ය මුක්ත භික්ෂූන්ට ඇවැත් නො වේ.