තව ද: මෙම සැවැත් නුවර තුණුරුවන් කෙරෙහි පැහැදියවුන් කෙරෙහි අන්තර්ගත වූ යට කී බන්ධුල මල්ලිකාවෝ නම් කවර? යත්;
ඔහු තුමූ බන්‍ධුල නම් සේනාපතීන්ගේ භාර්‍ය්‍යාවෝ ය. ඒ බන්‍ධුල සේනාපති නම් කුසිනාරා නුවර මල්ලරජහුගේ බූනැනියන් පුත් බෑනනුවහ. මේ සා මුළු දඹදිව් තෙලෙහි ඒ බන්ධුල සේනාපතීන්ට වඩා පඤ්චායුධයෙහි දක්‍ෂ වූ ශූර යෝධයෙක් නැත්තේමය. බාලකල මයිල් රජ්ජුරුවන් තමන්ගේ බල බලමි යි සිතා තමන්ට නො කියා යනාරාව සැටක් කරවා සැට පුරුක් ඇති උණදඬු සැටක් යට ඒ යනාරාව ලා එසේ ම සැට සැට දඬින් සැටමිටියක් බඳවා රාජාඞ්ගනයෙහි සිටුවා තමන් කැඳවා “බැහැන! තෙලෙ හුණමිටිසැට එක එක පහරින් කඩුයෙන් පොලුගෙණපු නම් මාගේ මේ මල්ලිකා නම් දියණියන් තොපගේ බැදෑනියන් තොපට ම පාවා දෙමි. නැත අනික් රජක්හට පාවා දෙමි”යි කී වේලෙහි යට ය නාරා ච ඔව් නො දැන මයිලනුවන් මුහුණ බලා සිනා සී “මෙයිත් එක් ආශ්චර්‍ය්‍යයෙකැ යි සිතූ සේක් ද? ඇත් බඳත් වී නමුත් මාගේ කඩු පත මැද රඳවම් දැ? යි වාසි කියා කඩුව කොපුයෙන් හයාගෙන කඩුව මඳක් චිත්‍ර කොට අහසට අසූරියන් දමා රජපිරිස ‘කඩුව අප හිස වැටී යේ දෝ අපහිස වැටී යේ දෝ හෝ’යි වෙවුල වෙවුලා සිටි වේලෙහි කඩුව තමන් අත එලවාගෙන කඩුව චිත්‍ර දක්වාලා.
“ස්වාමීනි! මේ සැට මිටි ය සැට පහරින් ගැසීම් නම් ඒ ආශ්චර්‍ය්‍ය නො වෙයි. සැටපුරුක සැට සැට පහරින් පොලු ගන්මි”යි කියා පලඟය හා සමග ගරුඬ පෝතකයකු සේ ආකාශයට පැන නැගීලා අගපුරුකෙහි පටන් සුරතින් පාරක් ගසා සැටපුරුකක් වගුරුවා පියති. මෙසේ සැට විටෙකින් සැට පාරක් ගසා සැට සැට පොල්ලක් බැගින් අලමදන් සේ ගසා යනාරාච හා සමග රාජාඞ්ගනයෙහි විසුරුවා මෙසේ ම සැට මිටිය ම ගසා අන්ත පහරෙහි දී කඩුව යනාරාචයෙහි වැදගෙන කඩුව බැණ නැගි හඬින් හුණ පුරුක් යට බලා යනාරාච ඇද “ඉදින් මා ගසාගත නුහුනහොත් මේ සා පරිභවයක් බොහෝදෙනා මධ්‍යයෙහි මට කළ සේ නොයෙදෙයි. මාගේ බලදැන දැන පරීක්‍ෂා කළ සේ නො යෙදෙයි” කියා මයිලණුවන්ට කිපී ඉතා මහත් වූ අභිමාන කොට “නුඹ වසන නුවර මම නො රඳමි යි අද ම අනික් රටකට යෙමි”යි මල්ලිකා නම් ඒ බැදෑ කුමරිය මයිලනුවන් බල බලා සිටියදී අත අල්වා හයාගෙන එම විට ම නුවරින් නික්මුණාහ. මයිල් රජ්ජුරුවෝ වේව යි සෙසු යෝධ කෙනෙක් වේව යි බන්‍ධුලයන් රඳවාගත හුනු එක ද සත්ත්‍වයෙක් නැත.