ඒ වෙළෙඳ දෙබෑයෝ ‘ස්වාමීනි! නිති අප වැඳපුදාගන්නා නියායෙන් වස්තුවක් දුනමැනවැ‘යි කීහ. ස්වාමිදරුවෝ ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැද කේශධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔහු රුවන් කරඬුවකින් ඒ කේශධාතු පිළිගෙන රථයෙහි තබා සිය නුවර ගෙන ගොස් පූජා කරන්නාහු කලෙක ජලයාත්‍රාෙවහි ඇවිද ශ්‍රි ලඞ්කාද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දාකරඬුව ගලපිට තබා බත් පිස කා යන කල දාකරඬුව තුබූ පලින් සොලවා ගත නොහී මේ උත්තම ස්ථානයෙන් වනැ යි දැන පාෂාණගොඩකින් වසා ගඳ දුම් මල් පුදා ගියහ. පසුව එතෙන ගිරිහඬු නම් වෙහෙරක් විය. ඉක්බිත්තෙන් මාගේ ස්වාමිදරුවානෝ කිරිපලු ගසමුලින් නැගී අටවන සතියෙහි අජපාල නම් නුග ගසමුල වැඩහිඳ අනන්තා පරිමෙය වූ බුදුන්ගේ සිතිවිලි වූ ක්‍රමයෙන් “මාගේ දහම් ගැඹුරු ය, සතුන්ගේ නුවණ ලා ය, ක්ලේශයෝ ඉතා උත්සන්නයෝ ය, මා බුදු වූ බව මුත් දහම් දෙසීමට කල් නො වෙයි” ධර්මගම්භීරත්‍වෙයන් පසුබට සේක.