(1) පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූපචිත්ත වර්ජිත සප්තවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන ප්‍රවෘත්තිකාලයෙහි ෂට්වස්තු සඞ්ඛ්‍යාත වස්තුපුරේජාත ප්‍රත්‍යයෙහි අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.
(2) පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කාමසිත් සිවුපනස ය, අභිඥාදෙසිත ය, අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික පනස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන වර්‍තමාන නිෂ්පන්නරූප අටොළොස වූ ආරම්මණපුරේජාත ප්‍රත්‍යයෙහි ද, පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ අරූපවිපාක වර්ජිත සප්තවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන ප්‍රවෘත්ති කාලයෙහි ෂට්වස්තුසඞ්ඛ්‍යාත වස්තුපුරේජාතප්‍රත්‍යයෙහි ද නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.
(3) පඤ්චවෝකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කාමසිත් සිවුපනස ය, අභිඥාදෙසිත ය, අප්‍රමාණ්‍යවර්ජිත චෛතසික පනස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන නිෂ්පන්නරූප අටොළොස නමැති ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයෙහි ආරම්මණ, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.
(4) මනෝද්වාරාවර්ජනය ය කාමජවන් එකුන් තිස ය තදාරම්මණ එකොළොස ය යන මොවුන්ට ප්‍රත්‍යය වන මරණාසන්න කාලයෙහි ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් හෘදයවස්තුව වූ වස්ත්‍වාරම්මණයෙහි ආරම්මණ, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(5) ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ වර්‍තමාන නිෂ්පන්නරූප අටොළොස වූ ආරම්මණාධිපතියෙහි ආරම්මණ, අධිපති, උපනිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(6) ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් ගරු කළ යුතු වූ හෘදයවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණාධිපති ප්‍රත්‍යයෙහි ආරම්මණ, අධිපති, නිස්සය, උපනිස්සය, විප්පයුත්ත, අත්‍ථි අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.
(7) පඤ්චවිඥානධාතූන්ට ප්‍රත්‍යය වන පඤ්චවස්තු සඞ්ඛ්‍යාත පුරේජාතින්‍ද්‍රිය ප්‍රත්‍යයෙහි නිස්සය, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
මේ පුරේජාත ඝටනා සත ය.