(1) ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල සිත් අට ය, මහාකුසල සිත් අට ය, මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය ලෝකෝත්තරසිත් අට ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ප්‍රත්‍යුත්පන්න අතීත අනාගත ඉෂ්ට නිෂ්පන්නරූප අටළොස ය ද්වෙෂමූලද්වය ය මෝහ මූලද්වය ය දුඃඛසහගත කායවිඥානය ය යන මොවුන්ගෙන් අන්‍ය වූ සිත් සූ අසූව ය, ද්වෙෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය විචිකිත්සා වර්ජිත චෛතසික සත්සාළිස ය, කාලමුක්ත නිර්‍වාණය ය යන ආරම්මණාධිපතියෙහි ආරම්මණ අධිපති යන ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.
(2) ගරු කොට අරමුණු කරන ලෝභමූලසිත් අටට ප්‍රත්‍යය වන ගරු කොට අරමුණු කරනු ලබන්නා වූ ප්‍රත්‍යුත්පන්න ඉෂ්ටනිෂ්පන්න රූප අටළොස වූ ආරම්මණාධිපති ප්‍රත්‍යයෙහි ආරම්මණ, අධිපති, පුරේජාත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(3) ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් සතොළොස් වන චිත්තය හා උපන් ගරු කළ යුතු වූ හෘදයවස්තු සඞ්ඛ්‍යාත වස්ත්‍වාරම්මණ ප්‍රත්‍යයෙහි ආරම්මණ, අධිපති, නිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ. මෙය ආරම්මණාධිපති ඝටනා තුනට සමාන ය.
(4) අර්‍හන්තච්‍යුතිය සහිත වූ පශ්චිම පශ්චිම සිත් එකුන් අනූව ය, චෛතසික දෙපනසය යන නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන අර්‍හන්තච්‍යුතිවර්ජිත පූර්‍වපූර්‍ව වූ එකුන් අනූ චිත්තය ය චෛතසික දෙපනස ය යන අනන්තරෝපනිඃශ්‍රය ප්‍රත්‍යයෙහි අනන්තර, සමනන්තර, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.
(5) ප්‍රථමජවන ඵලජවන වර්ජිත පශ්චිමපශ්චිම වූ එක්පනස් ජවනයන්ට ප්‍රත්‍යය වන අන්තිමජවන මාර්‍ගජවන ඵලජවන වර්ජිත පූර්‍වපූර්‍ව වූ ලෞකික ජවන සත්සාළිසෙහි අනන්තර සමනන්තර, ආසේවන, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(6) පසු ව උපදනා විපාකසිත් සතිසට ප්‍රත්‍යය වන බලවත් වූ කුශලාකුශලචේතනාවෙහි කර්‍ම ප්‍රත්‍යය පමණක් ගැටේ.
(7) මාර්‍ගානන්තරයෙහි උපදනා ඵලචිත්තයන්ට ප්‍රත්‍යය වන මාර්‍ගචේතනා සතරෙහි අනන්තර, සමනන්තර, කම්ම, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.