(1) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සියලු එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන චිත්තජාදි සකල මහා භූතයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා හෘදයවස්තුවය යන මේ ධර්‍මයන්හි සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන මේ ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.
(2) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනසය යන නාමස්කන්‍ධයන්හි සහජාත, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(3) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි හෘදයවස්තූන්හි සහජාත, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
මේ අවිපාක ඝටනා තුන ය.
(4) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන සියලු විපාක සිත් සතිස ය. චෛතසික අටතිස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මේ ධර්‍මයන්හි සහජාත, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන මේ ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(5) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන විපාක සිත් සතිසය, චෛතසික අටතිසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධිනාමස්කන්‍ධයන්හි සහජාත, නිස්සය, විපාක, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.
(6) හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්හි සහජාත, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.
මේ සවිපාක ඝටනා තුනය.
මෙසේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය ඝටනා සයක් වේ.