සහජාත ප්‍රත්‍යය ඝටනා

star_outline

(1) ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජරූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය. ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍රත්‍යය වන චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජ බාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ වශයෙන් සකල මහා භූතයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන් හා හෘදය වස්තුව ය යන මේ ප්‍රත්‍යය ධර්‍මයන්හි නිස්සය. අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

(2) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන එකුන් අනූ චිත්තය, චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන චිත්තජ ප්‍රතිසන්‍ධි කර්‍මජබාහ්‍ය ආහාරජ සෘතුජ අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්ති කර්‍මජ වශයෙන් සකල මහා භූතයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හෘදය වස්තූහු ය යන මේ ධර්‍මයන්හි අඤ්ඤමඤ්ඤ, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

(3) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්හි අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

(4) චිත්තජ රූප ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය යන පඤ්චවෝකාරභූමියෙහි උපදනා වූ අරූප විපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්තච්‍යුති වර්ජිත සිත් පන්සැත්තෑව ය, චෛතසික දෙපනස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය හෘදය වස්තුව යන මේ ධර්‍මයන්හි නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

(5) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධ හෘදය වස්තූන්හි අඤ්ඤමඤ්ඤ, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

මේ අවිපාක ඝටනා පස ය.

(6) ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජ රූපයන්ට ද ඔවුනොවුන්ට හා ප්‍රතිසන්‍ධි කර්‍මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක සිත් සතිස ය, චෛතසික අටතිස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදයවස්තුවට ප්‍රත්‍ය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මේ ධර්‍මයන්හි නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

(7) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන විපාක සිත් සතිස ය, චෛතසික අට තිස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදය වස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, යන මේ ධර්‍මයන්හි අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

(8) ඔවුනොවුන්ට ප්‍රත්‍යය වන විපාක සිත් සතිස ය, චෛතසික අටතිස ය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්හි නිස්සය, අඤ්ඤමඤ්ඤ, විපාක, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.

(9) චිත්තජ රූපයන්ට හා ප්‍රතිසන්‍ධිකර්‍මජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූපවිපාක ද්විපඤ්චවිඥාන අර්‍හන්ත ච්‍යුති වර්ජිත විපාකසිත් දෙවිස්ස ය, චෛතසික අටතිසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය, හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයෝ ය යන මේ ධර්‍මයන්හි නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

(10) හෘදයවස්තුවට ප්‍රත්‍යය වන පඤ්චවෝකාර ප්‍රතිසන්‍ධි නාමස්කන්‍ධයන්හි නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

මේ සවිපාක ඝටනා පස ය.

මෙසේ සහජාත ඝටනා දසයෙක් වේ.