(1) අර්‍හන්ත ච්‍යුතිය සහිත වූ පශ්චිම පශ්චිම සිත් එකුන් අනූවට හා චෛතසික දෙපනසට ද ප්‍රත්‍යය වන අර්‍හන්තච්‍යුතියෙන් අන්‍ය වූ පූර්‍ව පූර්‍ව වූ සිත් එකුන් අනූව ය, චෛතසික දෙපනස ය යන සතර නාමස්කන්‍ධයන්හි සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.
(2) ප්‍රථම ජවන ඵල ජවන වර්ජිත පශ්චිම පශ්චිම එක් පනස් ජවනයන්ට ප්‍රත්‍යය වන ජාතියෙන් සමාන අන්තිම ජවන වර්ජිත පූර්‍ව පූර්‍ව වූ සත්සාළිස් ලෞකික ජවනයන්හි සමනන්තර, උපනිස්සය, ආසේවන, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
(3) මාර්‍ගානන්තරයෙහි උපදනා ඵල ජවනයන්ට ප්‍රත්‍යය වන ජාතියෙන් මාර්‍ගචිත්ත සම්ප්‍රයුක්ත චේතනා සතරෙහි සමනන්තර, උපනිස්සය, කම්ම, නත්‍ථි, විගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.
මේ අනන්තර ඝටනා තුන ය.
සමනන්තර ප්‍රත්‍යය ඝටනා අනන්තර ප්‍රත්‍යය ඝටනා මෙන් දත යුතු ය.