අධිපති ප්‍රත්‍යය ඝටනා

star_outline

(1) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම තුන හා සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපති ප්‍රත්‍යයෙහි ද, ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කළ යුතු ඉෂ්ට නිෂ්පන්නරූප අටළොස වූ ආරම්මණාධිපති ප්‍රත්‍යයෙහි ද අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.

(2) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම තුන හා සතර අතුරෙන් එකක් වූ සහජාතාධිපති ප්‍රත්‍යයෙහි හා ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවන පසට ප්‍රත්‍යය වන ච්‍යුතිචිත්තයෙන් පූර්‍වයෙහි සතළොස්වන චිත්තය හා උපන් හෘදයවස්තුව වූ ආරම්මණාධිපති ප්‍රත්‍යයෙහි ද නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන ගැටේ.

(3) සාධිපති චිත්තජරූපයන්ට ප්‍රත්‍යය වන අධිපති ධර්‍ම තුන හා සතර අතුරෙන් එක එකක් වූ සහජාතාධිපති ප්‍රත්‍යයෙහි හා ගරු කොට අරමුණු කරන ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුති චිත්තයෙන් පූර්‍වයෙහි සතළොස්වන චිත්තය හා උපන් හෘදයවස්තුව වූ ආරම්මණාධිපති ප්‍රත්‍යයෙහි ද නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

මේ මිශ්‍රක ඝටනා තුන ය.

(4) ගරුකොට අරමුණු කරන්නා වූ ලෝභමූල සිත් අට ය, මහා කුසල් සිත් අට ය, මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතර ය, ලෝකෝත්තර සිත් අට ය යන මොවුන්ට ප්‍රත්‍යය වන ගරු කළ යුතු වූ ඉෂ්ට නිෂ්පන්නරූප අටොළොස ය, ද්වේෂමූල ද්වය ය, මෝහමූල ද්වයය, දුඃඛ සහගත කායවිඥානය ය යන මොවුන් ගෙන් අන්‍ය වූ සිත් සූ අසූව ය, ද්වෙෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍යය විචිකිත්සා වර්ජිත චෛතසික සත්සාළිස ය කාලමුක්ත නිර්‍වාණය ය යන ආරම්මණාධිපති ප්‍රත්‍යයෙහි ආරම්මණ උපනිස්සය යන ප්‍රත්‍යය ශක්ති දෙක ගැටේ.

(5) ගරු කොට අරමුණු කරන ලෝභමූල සිත් අටට ප්‍රත්‍යය වන ගරු කොට අරමුණු කළ යුතු වූ වර්‍තමාන ඉෂ්ට නිෂ්පන්නරූප අටොළොස වූ ආරම්මණාධිපති ප්‍රත්‍යයෙහි ආරම්මණ, උපනිස්සය, පුරේජාත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍ය ය ශක්ති පස ගැටේ.

(6) ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභමූල මරණාසන්න ජවනයන්ට ප්‍රත්‍යය වන ච්‍යුති චිත්තයෙන් පූර්‍වයෙහි සතොළොස්වන චිත්තය හා උපන් හෘදයවස්තු රූපයෙහි ආරම්මණ, නිස්සය, උපනිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.

මේ ප්‍රකීර්‍ණක ඝටනා තුන ය.

(7) සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ඡන්‍දාධිපතියෙහි සහජාත, නිස්සය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සතර ගැටේ.

(8) සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන ඡන්‍දාධිපතියෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.

(9) සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ඡන්‍දාධිපතියෙහි සහජාත, නිස්සය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

මේ අවිපාක ඝටනා තුනය.

(10) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ද ප්‍රත්‍යය වන ලෝකෝත්තර ඵල සිත් සතරෙහි වූ ඡන්‍දාධිපතියෙහි සහජාත, නිස්සය, විපාක, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති පස ගැටේ.

(11) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන ඵලචිත්ත සම්ප්‍රයුක්ත ඡන්‍දාධිපතියෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්ප්‍රයුක්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.

(12) සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ඵල චිත්ත සම්ප්‍රයුක්ත ඡන්‍දාධිපතියෙහි සහජාත, නිස්සය, විපාක, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.

මේ සවිපාක ඝටනා තුන ය.

මෙසේ ඡන්‍දාධිපති ඝටනා සයක් වේ.

(13) සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන චිත්තාධිපතියෙහි සහජාත, නිස්සය, ආහාර, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.

(14) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන චිත්තාධිපතියෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ආහාර, ඉන්‍ද්‍රිය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ.

(15) සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන චිත්තාධිපතියෙහි සහජාත, නිස්සය, ආහාර, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.

මේ අවිපාක ඝටනා තුන ය.

(16) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ඵලචිත්ත සඞ්ඛ්‍යාත චිත්තාධිපතියෙහි සහජාත, නිස්සය, ආහාර, විපාක, ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.

(17) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන ලෝකෝත්තර ඵලචිත්ත සඞ්ඛ්‍යාත චිත්තාධිපතියෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය ගැටේ.

(18) සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ලෝකෝත්තර ඵලචිත්ත සඞ්ඛ්‍යාත චිත්තාධිපතියෙහි සහජාත, නිස්සය, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ.

මේ සවිපාක ඝටනා තුන ය.

මෙසේ චිත්තාධිපති ඝටනා සයක් වේ.

(19) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන වීර්‍ය්‍යාධිපතියෙහි සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය ගැටේ.

(20) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන වීර්‍ය්‍යාධිපතියෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, සම්ප්‍රයුක්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ.

(21) සාධිපති චිත්තජ රූපයන්ට පමණක් ප්‍රත්‍යය වන වීර්‍ය්‍යාධිපතියෙහි සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ.

මේ අවිපාක ඝටනා තුනය.

(22) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ලෝකෝත්තර ඵල චිත්ත සම්ප්‍රයුක්ත වීර්‍ය්‍යාධිපතියෙහි සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.

(23) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන ඵලචිත්ත සම්ප්‍රයුක්ත වීර්‍ය්‍යාධිපතියෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය ගැටේ.

(24) සාධිපතිචිත්තජරූපයන්ට පමණක් ප්‍රත්‍යය වන ඵලචිත්ත සම්ප්‍රයුක්ත වීර්‍ය්‍යාධිපතියෙහි සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ.

මේ සවිපාක ඝටනා තුන ය.

මෙසේ වීර්‍ය්‍යාධිපති ඝටනා සයක් වේ.

(25) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන වීමංසාධිපතියෙහි හේතු, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සත ගැටේ.

(26) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන වීමංසාධිපතියෙහි හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය ගැටේ.

(27) සාධිපති චිත්තජරූපයන්ට පමණක් ප්‍රත්‍යය වන වීමංසාධිපතියෙහි හේතු, සහජාත, නිස්සය, ඉන්‍ද්‍රිය, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍ය ශක්ති අට ගැටේ.

මේ අවිපාක ඝටනා තුන ය.

(28) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට හා සාධිපති චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන ඵල චිත්ත සම්ප්‍රයුක්ත වීමංසාධිපතියෙහි හේතු, සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති අට ගැටේ.

(29) සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට පමණක් ප්‍රත්‍යය වන ඵලචිත්ත සම්ප්‍රයුක්ත වීමංසාධිපතියෙහි හේතු, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දශය ගැටේ.

(30) සාධිපති චිත්තජ රූපයන්ට පමණක් ප්‍රත්‍යය වන ඵලචිත්ත සම්ප්‍රයුක්ත වීමංසාධිපතියෙහි හේතු, සහජාත, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවය ගැටේ.

මේ සවිපාක ඝටනා තුන ය.

මෙසේ වීමංසාධිපති ඝටනා සයක් වේ.